Wednesday, October 31, 2012

නවකථාවලටපිදෙන සම්මාන වලින්කෙරෙන්නේ පාඨක ජනතාව මුලා කිරීම ද?_2


නවකථාව යනු කුමක්ද? උසස් නවකථාවක් හදුනා ගත හැක්කේ කවර මිනුම් දඩු වලින්ද?යන්න අද අපේ නවකථාව සම්බන්ධයෙන් පැන නැගී ඇති ලොකුම ගැටළුවයි.මේ පැනයට එක් එක් තීරක මණ්ඩලය දෙන පිළිතුරුද විවිධය.කෙනෙක් නවකථාවක ආකෘතිය එහි අපුර්වත්වය ලෙස දකිති.කෙනෙක් එය භාෂා භාවිතයේ ඇති දක්ෂතාව අනුව හුවා දක්වති.කෙනෙක් කතුවරයාගේ නමට හා තත්වයට හොද ලකුණු දෙන බව පෙනේ.තවත් කෙනෙක් නවකථාවේ පිටකවරයට හා එහි නාමයට පැහැදෙන බව පෙනෙන්නට තිබේ.අලියා සහ අන්ධයෝ විලසින් කෙරෙන මෙම විවරණ වලින් පඹ ගාලේ පැටලෙන්නේ රස පිපාසිත පාඨකයන්වූ අපමය.දැනට මෙම වසරේ සම්මාන දිනා ඇතිහොදම නවකථා තුන හතර නැවතත් සමීක්ෂණය කොට ,ඇත්තටම හොද නවකථාව, තෝරා ගැනීම සදහා ඇත්තම විද්වත් මණ්ඩලයකට භාර දීම නරකදැයි තරුණ පාඨකයන් ප්‍රශ්න කරන්නේ ඔවුන් තුළ සාහිත්‍ය ග්‍රන්ථ විනිශ්චයට භාජනය කළාවූ තීරකයන්ගේ නව දැනුම පිළිබදව අවිශ්වාසයක් ජනිතවී ඇති නිසාදැයි විමසා බැලිය යුතුවෙයි.
හොදම නාට්‍ය.හොදම කාව්‍ය ග්‍රන්ථය තේරීමේදීද මේ අවුල මෙලෙසම පවතී.එම නිසා හොදම නිර්මාණ තේරීම මදකට කල්දමා ඒ ඒ වරගයේ සාහිත්‍ය නිර්මාණවල තිබිය යුතු උසස් ලක්ෂණ මොනවාදැයි විශ්ව මට්ටමින් අධ්‍යයනය කොට සර්ව සම්පූර්ණ නිර්ණායක නිබන්ධනයක් සදහා සංගායනයක් පැවැත්වීමටත් ඒ අනුව විචාර සංග්‍රහයන් කිරීමටත් සාහිත්‍ය කලා විද්වතුන් උත්සාහවත් විය යුතු බව පැවසීම කාලෝචිතයැයි සිතිය හැකිය.        2012 ඔක්තෝබර් මස 19

Monday, October 15, 2012

සිංහල නවකථා වලට පිදෙන සම්මාන වලින් කෙරෙන්නේ පාඨක ජනතාව මුලා කිරීම ද ?

මේ වසරේද හොදම සිංහල නවකථාව සදහා පුදදෙනු ලැබූ සම්මාන අතර පාඨක ජනතාව අතරමං කරනු ලැබ සිටීයැයි දැන් අපට පැහැදිළි වී ඇත.2012 වසරේ හොදම සිංහල නවකථාව කුමක්දැයි කෙනෙක් කපිල කුමාර කාලිංග යන්ගේ පියෙසි කවුළුව නමැති නවකථාව සනිටුහන් කර ගන්නා අතර තවත් කෙනෙක් එය ශ්‍රියානි ඒකනායකගේ සිටුවර පුවත යැයි සිහි තබා ගනිති.ඒ අතර බටුවන්ගල රාහුල හිමිගේ නයිගලින් උපන් පුත්‍රයෝ හොදම නවකථාවයැයි කෙනෙක් කියන අතර මේ වසරේ හොදම නවකථාවක් නැතැයි කෙනෙක් උදම් අනති.
මේ නවකථා සේරම මනස්ගාත කියමින් වසරේ හොදම සාහිත්‍ය කියමන මේ අතර ප්‍රකාශයට පත් කර ඇත්තේ විනිශ්චය මණ්ඩලයක සභාපති වරයා ලෙස කටයුතු කළ මහාචාර්ය වරයකු විසිනි. 
ඉතින් පාඨක අප අතරමං නොවන්නේයැයි කිව හැකිද??...
2012 10 16

Sunday, October 14, 2012

තණ්හාව මතුපිටට පැමිණි යුගයක්


අද ලෝකය තණ්හාව මතුපිටට පැමිණි යුගයක් හැටියට හදුන්වන්න පුලුවන්.එහෙම කියන්නේ මිනිසුන් විවෘතවම තණ්හාව පෙන්නුම් කරමින් කටයුතු කරන බව හොදින්ම පෙනෙන්නට තියෙන නිසයි.තණ්හාව සගවාගෙන වෙනත් ස්වරූපයකින් තම කාර්යය ඉෂ්ට කර ගැනීම සදහා කටයුතු කරන්නේ කලාතුරකින් බවයි පෙනෙන්නේ.එම නිසා අද ඔවුනොවුන් හා තරග වැදීම මෝස්තරයක් හා වීර කමක් හැටියටයි  පිළිගැනෙන්නේ.තරගයට නොඑළඹීම මෝඩ කමක් ලෙස ගැරහුම් ලබන ප්‍රතිපත්තියක්.අපි අද දරුවන්ට උගන්වන්නේම හැකිතාක් තරග වදින්නටයි.අනෙකාට වඩා ලකුණු ගන්නට කැපී පෙනෙන්නට,සියලු දේ අත්පත් කර ගන්නට,මුදුන් වෙන්නට අප උගන්වන්නේ එසේ නොකලොත් දරුවා සමාජය හමුවේ කොන් වෙතැයි යන බියෙන්.
එහෙත් අනෙකාට ගෞරව කිරීම ,අනෙකාට නිසි තැන දීම,අනෙකා සමග බෙදා හදා ගැනීම මානව ගුණ ධර්මයක්. එය පුරුදු කළ සමාජය අනවශ්‍ය ගැටුම් වලින් තොර සතුටින් ජීවත් විය හැකි තැනක් වන බව වර්තමාන මිනිසුන් දන්නේ නැහැ.ක්‍රෝධයෙන් හා වෛරයෙන් පුපුරු ගසන සිත් ඇති ලෝකයක කිසිවකුටත් කිසිවක්ම දිනා ගැනීමට අවස්ථා නොමැති බව තේරැම් ගන්නට තරම් අද මිනිසා ප්‍රඥාවත් නැහැ.මෙවැනි වකවානුවක ප්‍රඥාවන්තයෝ ඉවසීමෙන්,මෛත්‍රී කිරීමෙන් කරැණාවෙන් හා අනෙකාට ඉඩ දීමෙන් කිසිවෙකුටවත් නොදැනෙන්නට බොහෝ දේ දිනා ගන්නා බව නුවනින් විමසන කෙනෙකුට පෙනෙනවා ඇත.ලෝකය දිනන්නට ලෝකයා හා තරග කළ යුතු නැත.