Wednesday, February 19, 2014

අපේ රටේ සිනමාවට අධිවේගී මාර්ගයක් !



සිනමාවට ආදරය කරන කාගේත් සිත් සනසමින් අප සැමගේ ඉල්ලීම් සළකා ඩිජිටල් ප්‍රක්ෂේපණ ක්‍රමයට අපගේ සිනමාව අවතීර්ණ කරවීමට  අවසරය හා අනුමැතිය ලබා දී ඇත.
දැන් ඉතින් බලා සිටිය යුතු නැත.හැකි ඉක්මනින් තම තම සිනමා ශාලා ඩිජිටල් ප්‍රක්ෂේපණ ක්‍රමයට පරිවර්තනය කර ගැනීමට සිනමා ශාලා හිමියෝ උත්සුක විය යුත්තාහ.මේ සදහා චිත්‍රපට සංස්ථාව,රජය, පෞද්ගලික අංශය,හා බැංකු වඩාත් උනන්දුවෙන් ක්‍රියා කළ යුතු වන්නේය.
අපගේ නව පරපුරට සිනමාවට අර්ථවත්ව පිවිසීමේ නව පහසුකම් සහිත දොරටුවක් ලෙස ඩිජිටල් ප්‍රක්ෂේපණ ක්‍රමය බොහෝ වැඩදායක වන බව නියතය.යල් පැන යමින් තිබෙන පටල පට රූ ගැන්වීමේ ක්‍රමය හා ප්‍රක්ෂේපණ ක්‍රමයට ආයුබෝවන් කියා වඩාත් පහසු ඉක්මන් නව ක්‍රමය වැළද ගැනීම අපගේ සිනමාව ලෝක සිනමාව හා සාර්ථක ලෙස එක් වීමට ඇරෙන පහසුකම් සහිත දොරටුවක් බව ඉදුරා කිව හැකිය. මේ ගැන අපි බෙහෙවින් සතුටු වෙමු.
නව තාක්ෂණයේ මෙම පිටුව අභියෝගයක් ලෙස සළකා නො බියව , නොඅලසව ක්‍රියාකාරිවන තැනැත්තන් අපගේ සිනමාව අරභයා නූතන යුගයේ පුරෝගාමීන් වනු ඇත. ජයවේවා !

Monday, February 17, 2014

මෙවර රාජ්‍ය නාට්‍ය උළෙල අපූරුයි !



උත්තරීතර අංගාරා ගග ගලා බසී
ආදර වස්තුව ඉඩමේදී විකිණේ
ට්‍රේන් ඩ්‍රයිවර් බ්ලැකවුට්
චේ ගුවේරා මකරට
රාවණා ආදරයේ හුස්ම ළග විසේකාරියෝ
සෙල්ලම් නිරිදු රගපෑම් ඉවරයි.....

Tuesday, February 4, 2014

සිංහයා කතා කරයි...



මගේ ප්‍රිය මිතුරනි,
අද නිදහස් දිනයේත්-------නිදහස් සුළගින්------නිදහසේ ලෙලදෙමි----නිදහස් රටේ නිදහස් අහසේ....
සිංහයා මමවෙමි.(යුක්තියට හිස නමන --බලහත්කාරයට එරෙහිව අසිපත ලෙලදවන---නිරහංකාර නිර්භය---ගුණ ගරුක )
සිංහයා මම වෙමි.
අසන්න ජාතියේ මහා ධජයේ--සිංහයා කවුරුදැයි---
රට දැයට හිතවත්--සමගියෙන් එක්ව ශක්තියෙන් බැදි--
රටේ පුරවැසි සියලු දනන් වූ 
නුඹයි අභිමාන වූ සිංහයා...නුඹයි අභිමාන වූ සිංහයා..නුඹයි අභිමාන වූ සිංහයා.
රාජ්‍යයයි අභිමාන වූ සිංහයා..රාජ්‍යයයි අභිමාන වූ සිංහයා.රාජ්‍යයයි අභිමාන වූ සිංහයා.