Wednesday, April 29, 2009

ආනන්දය හා ප්‍රඥාව

කලාවේ අරමුණ ආනන්දයෙන් ප්‍රඥාව ප්‍රදානය කිරීමයි. ආනන්දය යනු රසාස්වාදයයි. රසාස්වාදය යනු පාඨක/ප්‍රේක්ෂක පිරිසගේ චිත්ත සන්තානයෙහි හටගන්නා චමත්කාර ජනක හැඟීමයි. චමත්කාරය හටගන්නේ කලා කෘතියකින් වහනයවන රමණීයත්වය හා අත්දැකීම හෙවත් සත්‍ය අනුවයි.
රමණීයත්වය (Beauty) යනු අපූර්වත්වයි. පෙර නොවිඳි විරු හැඩයක් හා අන්තර්ගතයක් සහිතනම් රමණීය නිර්මාණයක් වෙයි. රමණීය අන්තර්ගතය අපූර්ව වූ අත්දැකීමක් ධ්වනය කරයි.
අපූර්ව වූ අත්දැකීම ප්‍රේක්ෂකයා/පාඨකයා/රසිකයා ප්‍රඥාවන්ත කරයි.

කලාකරුවාට අනන්දයෙන් හා ප්‍රඥා‍වෙන් යුක්ත නිර්මාණ ප්‍රදානය කිරීමට ඇති බාධාවන් කවරේද?

  1. අපූර්වවූ ආකෘතියෙන් හා අන්තර්ගතයෙන් සරුවූ නවමු නිර්මාණ උත්පාදනය කිරීමට අවශ්‍ය ප්‍රතිභාව නැතිකම හෝ එම ප්‍රතිභාව මතු කෙරෙන විවේක බුද්ධියෙන් තොරවීම.
  2. අපූර්වවූ අත්දැකීම් දැකිය හැකි දෘෂ්ඨියෙන් තොරවීම.
  3. අපූර්ව දේ දකින දෘෂ්ඨියෙන්සොයාගත් දුලබ අත්දැකීම රමණීයත්වය නොකෙලෙසා ඉදිරිපත් කිරීමේ ශිල්පීය ඥානයෙන් තොරවීම.
යන කරුණුය.

5 comments:

  1. සිංහල බ්ලොග් අවකාශයට මෙබඳු තොරතුරුත් එක්වීම සතුටට කරුණක් !
    දිගටම ලියන්න.. ජය‍වේවා !

    ReplyDelete
  2. නියමයි! සිංහල බ්ලොග් අවකාශයට ඔබ වැනි පුද්ගලයෙක් එක්වීම තවත් සුවිශේෂී සංධිස්ථානයක් වනවාට කිසි සැකයක් නැහැ. සුභ පැතුම්!

    ReplyDelete
  3. සිංහල බිලෝග් සසදයට අඩුවක්ව පැවතියේ ඔබ වැනි පුද්ගලයින්ය. ඔබෙන් ලිපි ඉදිරියටත් බලාපොරොත්තු වන්නේමු.
    ජය වේවා!


    කලාකරැවෙකුට ආනන්දයෙන් හා ප්‍රඥාවෙන් යුතු නිර්මාණ කිරිමට බාධාවක් ලෙස වත්මන් බොහෝ නරඹන්නන් තුල ඇති ආකල්ප දුර්වලතා හේතු ‍වන්නේ නේද?

    ReplyDelete
  4. බිன்ku- ඹබේ අදහස නිවැරදිය.
    නරඹන්නන්/රසිකයන් අපූර්ව නිර්මාණයන් රසව්ඳීමට උගත යූතු වේ. ඒ සඳහා හොඳ නිර්මාණ වැඩි වැඩියෙන් පරිශීලනය කල යුතූයි. එසේ නොවන විට හොඳ නිර්මාණ බිහි වූවාටම වැඩක් සිදු නොවේ.

    ස්තූතියි.

    ReplyDelete
  5. හෙල බ්ලොග් අඹර ට පෑයූ ඔබට මගේ සුභ පැතුම්

    අද ගැටලුවක් වී ඇති නිර්වින්දනය උනු රසිකත්වය අද ටෙලිනාට්ය වලට පාර කැපී යැයි ඔබ සිතන්නේ ද?

    ReplyDelete