Saturday, May 11, 2013

ලයිට් බිල අඩු කර ගැනීමේ නොවරදින මග

තරුණයෝ මහ දැන මුත්තා හමු වූහ. “මහ දැන මුත්තේ , ලයිට් බිල හරි සැර වැඩියි. ගෙවන්න අමාරුයි.
කරුණාකරලා ඒක අඩු කර ගන්නා විදිය අපට කියලා දෙන්න“  තරුණයෝ කංකෙදිරි ගෑවෝය.මෙය ඇසූ
දැනමුත්තා සිණාසුණේය. “ළමයිනේ, වැඩි නම් ඇයි පාවිච්චි කරන්නේ ? අත් අරින්න.
එවර සිණාසුණේ තරුණයන්ය.
“පාවිච්චි නොකර කොහොමද ? ඒක මහ මෝඩ කතාවක්!  “ තරුණයෝ කීහ .
“ළමයිනේ, එහෙමනම් පාවිච්චි කරන්න .“
“ඒකත් මෙන්ටල් කතාවක්නෙ..“ හඩ නගා සිණාසුණහ.
“අවශ්‍ය දේට පාවිච්චි කරන්න ,අනවශ්‍ය දේ අත් අරින්න.“ මහදැනමුත්තා හඩ නගා සිණාසුණේය.“
“අනවශ්‍ය දේ ? ඒ මොනවාද ?“
“නිකරුණේ ලයිට් දාගෙන නිදිමැරීම, වෙළද දැන්වීම් සමග නිසරු ටෙලි නාට්‍ය පැය ගණන් බැලීම,වෛර
“දේශපාලන සාකච්චා බලමින් කාලය මැරීම,තොදොල් කතා කියන රේඩියෝ වැඩ පැය ගණන් අසා සිටීම
“තව ඕනැද..?“
“හෝව්!හෝව්! ඔය ඇති,ඔය ඇති. මුත්තා කිව්වොත් කියන්නේ ඔය වගේ ‘එළු බෙලි කතාවක්“ ම තමයි “
තරුණයෝ හූ කියමින් සිනහ වූහ.

Tuesday, April 9, 2013

තමිල් නාඩු ගෝරනාඩු

සත්තම් ..සත්තම්..පෙරිය සත්තම්.
එන්නා සත්තම්?
ලංකාවේ සිටින දෙමළ මිනිසුන්ට සිංහල මිනිස්සුන් වගේම ආණ්ඩුවත් කරදර කරනවාලු !
කරුණා නිදි වගේම ජය ලලිතා ත් ජයටම කියනව..දඩුවම් දෙන්න ඕනලු අපට.සරියාන කරච්චල්!
ඉතින් ශ්‍රී ලංකාවෙ ඉන්න දෙමළ උදවියසිංහලයන් වගේම ජයට නිදහසේ ඉන්නවානේ......ඒ බව ඒ කට්ටිය
දන්නේ නැතුව ඇති...ඔව් දන්නෙ නැතිව ඇති...හිතනවා ඇති තමිල් නාඩුවේ වගේ ලංකාවෙත් කරදර ඇති කියලා..දකුණු ඉන්දියාවෙ නළු නිළියනුත් ලංකාවට විරැද්ධව උපවාස රැස්වීම් ගෝරනාඩු කරනවාලු.!
අහෝ ඛේදයකි.!....නැහැ නැහැ ඉස්තරම් විහිළු..ඔව් විහිළු..
දකුණු ඉන්දියාවෙන් උනු උනුවේම ගෙන්නලා ලංකාවේ ටී වී වල පෙන්නන“ I p S රේඛා “ වගේ බොහෝ ටෙලි නාට්‍ය වලිනුත් , කමළහසන්,රැජිණි කාන්ත් ආදීන් රගපාන සිනමා පට වලිනුත් අපට දැන් පෙන්වන්නේ ජරා ජීර්ණ තමිල් නාඩු දේශපාලනයේ ජඩ බව හා දුෂ්ට ප්‍ර යෝගකාරී ස්වභාවය බව දන්නෝ දනිති.ඒ වගේම තමිල් නාඩු සාමාන්‍ය ජනතාවගේ මනුෂ්‍ය අයිතිවාසිකම් පවා නැතිව ගිය බියකරු සමාජ වාතාවරණය ඒවාවල යස තාත්විකත්වයෙන් පෙන්නුම් කරනවා.
ඉතින් නළු අයියා,තවත් මොන කථා ද? ඔවුන්ගේ නාඩුවේ සැබෑ තත්වය ඔවුන් විසින්ම දිනපතා අප දෑස් හමුවේ සක්සුදක් සේ පැහැදිළිව ප්‍රදර්ශනය කරමින්ම මේ මිනිසුන් මොනවද මේ කරන විකාර!

Wednesday, April 3, 2013

අපූරු සංවාදයක්

“වැදූ මවටත් මහ පොළොවටත් නැතිය නිවනක් “....වැඩිහිටියා කීවේය.
ඇයි එසේ කියන්නේ ?....තරුණයා ප්‍රශ්න කළේය.
“මිනිසාට කවුරුන් නිසා හෝ මහ කෝපයක් හට ගත හොත් , ඔහු පයින් ගසන්නේ මහ  
පොළොවටය.“
“පිළිකුළක් හට ගතහොත් කෙළ ගසන්නේ මහ පොළොවටය.“
“ස්වභාවික ශරීර වේගයන් පහ කරගෙන සැනසීමට මළ පහ කරන්නේ, මූත්‍රා කරන්නේ මහ  
පොළොව මතටය.“
“දුර්භික්ෂයේදී  ආහාර සොයමින් උලෙන් ඇන පීඩා කරන්නේ මහ පොළොවටය.
වැදූ මවටත් මහ පොළොවටත් නැතිය නිවනක්“ වැඩිහිටියා යළිත් තෙපළේය.
“ ඉතින්“?    තරුණයා ප්‍රශ්න කළේය.
පයින් ගැසුවත්,කෙළ ගැසුවත්,මළ මූ කළත් ඉවසා වදාරන්නීය පොළොව අම්මා !
අල බතල ආදි දේ සගවා ගෙන සිට අවැසි විට දෙන්නීය පොළාව අම්මා..
මිහි මතට ඇන කොටා, මිනිසා පැළ කරන බිජුවට පෝෂණය කොට වවා සරැ අස්වැන්න
දෙන්නීය මහ පොළොව..
තම ගැබ තුළ රන් මිණි ඈ සම්පත් සදා මිනිස් දරුවනට තිළිණ කරන්නීය මහ පොළොව..
අබල දුබලව දුකෙන් හඩා ඔහු -ඇය ඇද වැටෙන කළ “යහන“ වන්නීය ඇය..
සිසිලස පතා මිහි මත දිගාවන සියලු සතහට සිසිල බෙදන්නීය මහී මාතා..
අවසන මළ සිරැර පවා තුරුළු කොට ගෙන සනසා නිම කරන්නීය පොළොව අම්මා...
මහමෙරක් දුක් කන්දරා උසුල සිටිමින් මෙත් වඩන්නීය අම්මා!