Thursday, April 30, 2009

අපේ රූපවාහිනී නාට්‍ය කලාව කොයිබටද?

අප රටේ රූපවාහිනී නාට්‍ය නමැති නාට්‍යමය වැඩසටහන් ආරම්භවී දැනට ගෙවී ගොස් ඇත්තේ වසර 27 ක පමණ කාලයකි. මෙම වසර ගනනාව පුරා විවිධ නාලිකා මගින් රූපවාහිනී නාට්‍ය දහස් ගනනක් මේවන විට විකාශයවී හමාරය. පර්යේෂණ මට්ටමින් හා කලා නිර්මාණ වශයෙන් ආයාසකර ප්‍රයත්න හැටියට නාට්‍ය ගනනාවක් ඉදිරිපත් වූ අතරම ටෙලි නාට්‍ය නමින් කරන්නංවාලේ නිෂ්පාදනය කොට ඉදිරිපත් කරන ලද "ලට පට" ගනනාවක්ද වෙයි. එදා ආරම්භයේ ප‍ටන් අද දක්වා මේ තත්ත්වය දක්නට ලැබේ. "දිමුතු මුතු" නමැති හොඳ ප්‍රසාංගික ටෙලි නාට්‍යයෙන් ආරම්භය ලැබී "ලාහිරැ දහසක්" ඹස්සේ යායුතු මග හසර සොයමින් ක්‍රමයෙන් වැඩුනු මෙ‍ම නිර්මාණ ක්‍ෂ්ත්‍රය අද එදාට වඩා "තාක්‍ෂණ" අංශයෙන් බොහෝදුර ගිය දියුනුවක් ලබාගෙන ඇති නමුත් "කලාවක්" වශයෙන් කැපී පෙනෙන කිසියම් දියුණුවක් ලබා ඇත්තේම නැතිබව පැවසීම යුක්ති සහගතය.

සිංහල ටෙලි නාට්‍යන්ගේ තත්ත්වය පිළිබඳව කරන විමර්ෂණ වලදී නිතරම හොඳ ටෙලි නාට්‍ය වශයෙන් සඳහන් කරන නාට්‍ය කිහිපයක නම් නිතර අසන්නට ලැබේ. යසෝරාවය, පලිඟු මැනිකේ, කඩූල්ල ආදී වශයෙන් කවුරුත් සඳහන් කරන එම ටෙලි නාට්‍යයන් ගැන වුවද ප්‍රමානවත් ගැඹුරු විමර්ෂණයන් කෙරී නැති අතර ඇතැමුන් ඒවා සඳහන් කරන්නේ හැමෝම කියන නිසා තමන් තුල ඒ පිළිඹඳ ඇතිකර ගත් හේතු රහිත විශ්වාසයක් නිසා පමනකි. කාලය‍ට සාපේක්‍ෂව හිතට දැනුනු ‍"හොඳ නරක" පිළිඹඳ හැඟීමක් ශේෂ කල නාට්‍ය කිහිපයක් පමනක් බිහිවී ඇතිබව සත්‍යයකි. එහෙත් උසස් නිර්මාණ කාලය හා දේශය යන කරුණු අභිබවා චිරාත් කාලයක් රසවහනය කරන බැවින් එවැනි ටෙලි නිර්මාණ අප රටෙහි බිහිවී ඇතිදැයි අධ්‍යයනය කොට බැලිය යුතුය.
උසස් රූපවාහිනී නාට්‍ය කලාවක් උදෙසා වර්තමානයේ සිට අනාගතය දෙස බලන අපි තවමත් බිහිවී නොමැති උසස් රූපවාහිනී නාට්‍ය කලාවක් පිළිඹඳ අපේක්ෂා ඇතිකරගෙන ඒ සඳහා අවශ්‍ය ශික්ෂනයෙන් යුතුව දුෂ්කර අභ්‍යාසයෙහි යෙදියයුතු වෙමු.

අනාගතයේදී වඩා උසස් ජනප්‍රිය මෙන්ම කලාත්මක රූපවාහිනී නාට්‍ය නිර්මානයන් සඳහා අභ්‍යාස කරන නිර්මාණ කරුවන් ඒ සඳහා ගතයුතු පියවර කිහිපයක් ඉදිරි ලිපියකින් සාකච්ඡා කරමු.

5 comments:

  1. මම හිතන්නෙ එක හේතුවක් නිෂ්පාදකයො. ඒගොල්ලො බලන්නේ අඩුවියදමින් ලොකු දෙයක් කරන්න. ඉතිං එහෙම කරනකොට කොච්චර හොද පිටපතකින් වුනත් වැඩක් නැති වෙනවා.
    අනික් කට්ටිය ප්‍රෙක්ෂකයො. එයාලා තමා ලොකුම වැරදිකාරයෝ. මේ දැං තියන මෙගා කතා වලට හැමෝම බැන්නට මෙගා කියන්නෙ ඊයෙ පෙරේදා අපු එකක් නෙමේනෙ. පිටරටවල මෙගා හොදට කරල තියනව. බලන්න ආස හිතෙනව. ඒත් අපේ රටේ මෙගා වලින් බලාපොරොත්තු වෙන්නෙ කලාව නෙමේ සල්ලි.

    ReplyDelete
  2. සතත යෙදීමක් නොවීමේ පාපය. දිනපතා සවස 7 - 8 අතර අප අකමැත්තෙන් උව වින්දනය කරමු

    ReplyDelete
  3. මම නම් රූපවහිනියට සම්පූර්නයෙන්ම සමු දීල තියෙන්නේ. ඉස්සරනම් සේරම වගේ බැලුවා දැන් මොකුත්ම බලන්නේ නැති නිසා ටෙලිනාට්‍යවල ඇතිවෙල තියෙන දියුණුව ගැන නම් දන්නේ නහැ

    ReplyDelete
  4. අපෝ ටෙලි නාට්‍ය ගැන කතා කරනවාට වඩා හොදයි රෙද්දක් පෙර‍වගෙන නිදා ගන්න එක. මොකද අපි හදන නෙවෙයි බලන අය හින්දා හදන අය පෙන්නන ‍ඕන මල ජරාවක් බලන්න අපිට සිද්ධ වෙලා තියනවා. රැට බත් කන වෙලාවට මේ දවස් වල ජාතික රූපවාහිනියේ පරණ‍ ටෙලි නාට්‍යය පෙන්වනවා. ඒවා බැලුවම හිතෙනවා දැන් තියෙන්නේ මොන තරම් මල ජරාවද කියලා. මොකද දැන් තියන කථා වල තියෙන්නේ ඊරිසියාවයි කුහක කමයි රාගයයි විතරනේ.
    ඉන්දි‍යාවෙන් ආව ඒවත් මේ කඩා වැටීමට බලපාන්න ඇති. ඒත් ඉතිං ඒවා මේහේ එව්වට වඩා හපන්! ‍අන්තිමේදි සේරම එකයි. මම නම් කියන්නේ ලංකාවේ අපේ ඔළු වල මොකක් හරි ‍කෑල්ලක් අඩුයි.!

    ReplyDelete
  5. මම බලාපු හොඳම ටෙලිනාට්‍ය අකාල සන්ධ්‍යා අනික දඬුබස්නාමානය. දැන් යන ඒව මොනවද. !@#$%^& ගන්න දෙයක් නෑ. ඒව බලනවට වැඩිය හොඳයි අර මලී අක්ක කිව්ව වගේ පෙරවගෙන බුදිය ගන්නව.

    ReplyDelete