Monday, July 13, 2009

ශ්‍රී ලාංකික සිංහල දමිළ සිනමාව

ශ්‍රී ලාංකික දමිළ සිනමාවක්

ශ්‍රී ලාංකික ජාතිකත්වය සමස්ත ජනතාව තුළ වර්ධනය කිරීමට ප්‍රබල මාධ්‍යයක් වශයෙන් සිනමාවට ඇති හැකියාව උපයෝගි කොට ගත හැකි බව කවුරුත් පිළිගන්නා කරුණකි. මෙහිදී රාජ්‍ය චිත්‍රපට සංස්ථාවට කළ හැකි සේවය අපමණය.
ශ්‍රී ලාංකික දමිළ විත්‍රපට බිහි කිරීමටත් එමගින් සකල ලෝකවාසී දමිළ ජනතාවට මෙන්ම ශ්‍රී ලාංකික සිංහල දමිළ ජනතාවට ඔවුනොවුන් පිළිබද සුහදතාව ආදරය විශ්වාසය හා අවබෝධය පුලුල් කිරීමටත් චිත්‍රපට සංස්ථාව මෙතෙක් නිසි පියවරක් ගෙන නොමැති වීම කනගාටුවට කරැණකි. රාජ්‍ය චිත්‍රපට සංස්ථාව‍ට කල හැකි දේ..

1.ශ්‍රී ලාංකික සිංහල දමිළ පොදු ජන ජීවිතය අව්‍යාජව නිරූපණය කෙරෙන දමිළ සිනමාවක් සදහා ලංකාවෙ කලාතරුවනට ඇරයුම් කිරීම, ඉදිරිපත්වන අයට දිරිදීමි ලබා දීම
2.විදේශවල සිටින සිංහල දමිළ ජනතාවට ශ්‍රී ලාංකික සිංහල හා දමිළ චිතුපට නරඹන්නට අවස්ථා ලබාදීමෙ ක්‍රම සමිපාදනය.

3.දකුණු ඉන්දීය චිත්‍රපට මෙරටට ගෙන්වීම හුවමාරැ ක්‍රමයකට සිදුකරමින් ලාංකික දමිළ චිත්‍රපට අනිවාර්යයෙන්ම ඉන්දියාවට යැවීමෙ ක්‍රම සමිපාදනය කිරීම.

කලාකරැවන් මෙ සදහා තම හඩ අවදිකළ යුතු කාලයයි .

ඉහත සදහන් වැඩ පිළිවෙල මගින් ශ්‍රීලාංකික අනන්‍යතාවක් සහ අභිමානයක් සමස්ත ජනතාව තුළ වර්ධනය වනු ඇත. එසේම ශ්‍රීලාංකික ජනතාවට ඔවුනොවුන් හඳුනා ගැනීමටත් අවබෝධ කර ගැනීමටත් ඉක්මන් පහසු අවස්ථාව උදාවනු ඇත.

5 comments:

  1. Agree | එකඟයි

    ඒත් එතැනින් නවතින්න බෑ අදත් සිනමාව යම් දුරට වාර්ණ කරන කළ දෙමළ සිනමාවටත් පනවන්නේ නම් යම් උත්හෝටක් බවක් ඇති වෙනවා නේද?

    ReplyDelete
  2. ඇත්තටම වෙන්න ඕනෙ දෙයක්.තමන්ගෙම කියල සිනමාවක් සාහිත්‍යයක් ගොඩනැගෙන එක දෙමල ජනයාට මේ රට තමන්ගෙය කියන හැගීම තීව්‍ර කරන්න හේතු වෙනවා වගේම අනිත් ජනකොටස්වලට දෙමල සමාජය එක්ක තියන බැදීම වැඩි කරන්නත් මේ වගේ සංස්කෘතික වැඩ උදවු වෙනවා.දේශපාලන වේදිකාවල කරන උජාරු කතා දාහකට වැඩිය ජාතික සමගිය වෙනුවෙන් ලොකුම ලොකු සේවයක් කලාව හා සිනමාවට කරන්න පුලුවන්.
    හැබැයි බින්කුත් පෙන්වල දීල තියන විදිහට තියෙන තත්වය තුල ඕක වෙයිද?ඕක තමයි තියන ප්‍රශ්නය

    ReplyDelete
  3. අවෂ්‍යෙන්ම කල යුතු දෙයක්... වාද රහිතව ම ඔවුනට ලොවට කියන්නට බොහෝ දේවල් ඇති... නමුත් සමහර අන්ත වාදී කොටස් උක්ත ප්‍රවේශය කෙසේ විඳීවිද කියන එක මටනම් ගැටලුවක්..

    ReplyDelete
  4. ඇත්තටම ලංකාවෙන් තවම එකම දෙමළ චිත්‍රපටියක්වත් බිහිවෙලා නෑ නේද ?

    ලංකාවෙ දෙමළ චිත්‍රපටිවත් මල් ගස් වටේ දුවන චිත්‍රපටි වලින් එහාට ගිහින් විවිධාකාර නිර්මාණ කරයි කියල බලාපොරොත්තු වෙනවා.

    ප්‍රේම කතා ඇරුණම මාතෘකා කීයක් තියේද නිර්මාණ කරන්න ? එක විද්‍යා ප්‍රබන්‍ධ විත්‍රපටියක් බිහිවෙලා තියනවද ලංකාවේ ?

    ReplyDelete
  5. @ supun

    මම දන්න තරමින් පොන්මනී කියල ‍ලංකාවෙ දෙමල චිත්‍රපටියක් හැදුනා 70 දශකයෙදී.ඒක අධ්‍යක්ෂනය කලේ ධර්මසේන පතිරාජ.දෙමල සමාජයේ කුල ප්‍රශ්නය ගැන කතාකල චිත්‍රපටියක්.

    ReplyDelete