Wednesday, February 19, 2014

අපේ රටේ සිනමාවට අධිවේගී මාර්ගයක් !



සිනමාවට ආදරය කරන කාගේත් සිත් සනසමින් අප සැමගේ ඉල්ලීම් සළකා ඩිජිටල් ප්‍රක්ෂේපණ ක්‍රමයට අපගේ සිනමාව අවතීර්ණ කරවීමට  අවසරය හා අනුමැතිය ලබා දී ඇත.
දැන් ඉතින් බලා සිටිය යුතු නැත.හැකි ඉක්මනින් තම තම සිනමා ශාලා ඩිජිටල් ප්‍රක්ෂේපණ ක්‍රමයට පරිවර්තනය කර ගැනීමට සිනමා ශාලා හිමියෝ උත්සුක විය යුත්තාහ.මේ සදහා චිත්‍රපට සංස්ථාව,රජය, පෞද්ගලික අංශය,හා බැංකු වඩාත් උනන්දුවෙන් ක්‍රියා කළ යුතු වන්නේය.
අපගේ නව පරපුරට සිනමාවට අර්ථවත්ව පිවිසීමේ නව පහසුකම් සහිත දොරටුවක් ලෙස ඩිජිටල් ප්‍රක්ෂේපණ ක්‍රමය බොහෝ වැඩදායක වන බව නියතය.යල් පැන යමින් තිබෙන පටල පට රූ ගැන්වීමේ ක්‍රමය හා ප්‍රක්ෂේපණ ක්‍රමයට ආයුබෝවන් කියා වඩාත් පහසු ඉක්මන් නව ක්‍රමය වැළද ගැනීම අපගේ සිනමාව ලෝක සිනමාව හා සාර්ථක ලෙස එක් වීමට ඇරෙන පහසුකම් සහිත දොරටුවක් බව ඉදුරා කිව හැකිය. මේ ගැන අපි බෙහෙවින් සතුටු වෙමු.
නව තාක්ෂණයේ මෙම පිටුව අභියෝගයක් ලෙස සළකා නො බියව , නොඅලසව ක්‍රියාකාරිවන තැනැත්තන් අපගේ සිනමාව අරභයා නූතන යුගයේ පුරෝගාමීන් වනු ඇත. ජයවේවා !

1 comment:

  1. අනිවාර්යෙන්ම දැනටමත් අපි ටිකක් ප්‍රමාදයි

    ReplyDelete