Thursday, April 24, 2014

සම්මාන ගැන මාර කතාවක්!



“සර් , මං මේ දවස්වල උසස් සිනමා කෘතියක් නිර්මාණය කරනවා “..අහම්බෙන් මට හමුවූ මගේ පැරණි ගෝලයෙක් මා ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දුන්නා.
“බොහෝම හොදයි..උසස් කෘතියක් නම් සම්මානත් ලැබෙයි නේද ? “ මම විහිලුවට මෙන් ඇසුවෙමි.
“ ඔව් සර්, අනිවාර්යෙන්ම ලැබෙයි. ?ඔහු තද විස්වාසයකින් යුතුව වහා පැවසුවා.
“ම්..අරමුණක් ඇතිව කරන එක බොහොම හොදයි, මොන වගේ තේමාවක්ද ඔය නිර්මාණයට පාදක වෙන්නේ..“
“මේක සර් මරණය,එම්බාම්,සංසර්ගය සහ මිනී පෙට්ටි ගැන කියවෙන සිනමාත්මක වියමනක්, සම්මාන ෂුවර්!“
“ඒ කොහොමද  එහෙම හරියටම කියන්නේ“ ?
“ හේතු තියෙනවා සර්..පහුගිය අවුරුද්දක රාජ්‍ය නාට්‍ය උළෙලේ අති විශිෂ්ට නාට්‍ය සදහා සම්මානය දිනා ගත්තේ කොළොම්බො කොළොම්බො කියලා නාට්‍යයක්.ඒක එම්බාම් සහ මරණය සමග සංසර්ගයේ යෙදෙන කතාවක් .ඊළගට බඹර වළල්ල චිත්‍රපටය.ඒකත් මිනිපෙට්ටි එම්බාම් කතාවක්.ඊළගට ඊයේ පෙරේදා  නිකිණි වැස්ස චිත්‍රපටිය.ඒකත් ඉතින් මරණය එම්බාම් මිනිපෙට්ටි සමග සංසර්ගය තමයි.අති විශිෂ්ටයි සම්මාන සේරම අතේ!..
“හරි! හරි! මටත් මතකයි. මොකද ඒ.?
“විනිශ්චය මණ්ඩල වල ඉන්න විද්වතුන් හිතනවා සර්, ඒ තේමාව ඇර වෙන එකකින් ජීවිතය යථාර්තයෙන් පෙන්වන්න බැහැ කියලා.ඉතින් මාත් කරනවා මරණය ,එම්බාම්,සංසර්ගය සහ මිනී පෙට්ටි ඇතුළත් සම්භාව්‍ය සිනමා කෘතියක් !සම්මාන ෂුවර් ! “

1 comment:

  1. ඔය ඕඩර් එක පොඩ්ඩක් වෙනස් වුණොත් වැඩේ හබක් වෙයිද ? මේක කිව්වම මතක් වෙන්නේ මෝචරි සේවකයෝ කාන්තා මිනී සමග කරන අයතා ලිංගික ක්‍රියා.

    ReplyDelete