Saturday, July 12, 2014

ඇසළ මහ සිසු පෙරහැර



ඇසළ මහ සිසු පෙරහැර
අනර්ඝයි..විශිෂ්ටයි ..පලදායකයි
අපේ සිසු පරපුර මොන තරම් දක්ෂද..
කැපවීමෙන් යුතුද..විනීතද..
ගුරුවර ගුරුවරියන් කෙතරම් දක්ෂද
අපට හරිම සතුටුයි........
මේ සංකල්පය ශ්‍රේෂ්ටයි..වසරක් පාසා පැවැත්වීම මැනවි..රටේ දරු පරපුරට ආදරය කරන අප සැමට මෙයනම් ආශ්වාදජනක වූ සෞන්දර්යයෙන් සපිරි අමරණීය සුබ දසුනකි. දරු සෙනහසින් නෙත් අගට සතුටු කදුලු නංවන
ආනන්දජනක අවස්ථාවකි.
මේ සදහා කැපවූ සැමට අපගේ ප්‍රණාමය !..
ජනාධිපති තුමා පැය තුනක පමණ කාලයක් එක දිගට ඉතා ඉවසිල්ලෙන් හා සතුටින් පෙරහැරේ යන  සිසු සිසුවියනට සුබ ප්‍රතිචාර දක්වමින් එය නරඹමින් සිටීම දෙමව්පියන් ගුරුවර ගුරුවරියන් සහ සිසු සිසුවියනට පිරිනැමුණු මහත්මවූ අභිමානයකි.මෙය සැමට වටිනා ආදර්ශයකි. මෙය සංවිධානය කළ අධ්‍යාපන අමාත්‍යාංශයට
අපගේ ස්තූතිය පිරිනැමිය යුතුවීම යුතුකමකි.
මේ මහගු “ජාතික සිසු පෙරහැර“ වසරක් පාසා යළි යළි මුලු ලොවටම දිස්වේවා!





3 comments:

  1. පෙරහැර සම්පුර්ණයෙන්ම දැකීමට නොහැකි වුවත්, පාසල් දූ දරුවන්ගේ දක්ෂතා මෙන්ම ඒ වෙනු වෙන් කල කැපකිරීම අගය කිරීම වටනේය. ඔවුන්ට අපගේ හෘදයාංගම ස්තූතිය පිරිනමමු

    ReplyDelete
  2. රටේ ජනාදිපතිවරු හිටියා.... හැමෝටම දූශන චෝදනා එල්ල වුනා... හැමෝටම භීෂණ චෝදනා එල්ල වුනා... හෙමෝම මූනිච්චාවට දරුවෝ ලන්කර ගත්තා.....ඒත් දරුවන්ගේ දේවල් මෙච්චර ඉවසිල්ලෙන් රස විදින්න පුලුවන් වෙච්ච එක ජනාදිපති කෙනයි රටේ හිටියේ.... දරුවන්ගෙනුත් දයාබර ප්‍රතිචාර ලැබූවෙ ඒ ජනාදිපති විතරයි.... ගොඩක් අය ලොකු උනාම මේ දේවල් පේන්නෙ නැතව යනවා!

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete