Monday, January 18, 2016

පෙරමුණේ රාල



ආඩම්බර මී ජාතිය සතුරු බියෙන් මිරිකෙද්දී
ලැජ්ජා නැද්ද මූසිකයෙනි ගම හැරදා පැන යන්නට
හැම් බේකන් චීස් බටර් තියෙන  නිසා වෙන රටවල
දුප්පත් රට අත හැරදා සැප විඳින්ට පිට රට යන
කකුල් දෙකේ සතුන් වගේ,ලැජ්ජ නැද්ද මූසිකයෙනි
ගම හැරදා පැන යන්නට...
බළලා ලොකු සතෙකු තමයි -උගෙ නිය පොතු නපුරු තමයි
ඒත් අපේ එක්සත් කම ඊට වැඩිය ලොකුයි නේද....
(ශ්‍රී ලංකාවේ අධ්‍යාපන අමාත්‍යාංශය මෙහෙය වූ 1977වර්ෂය සඳහාවූ පාඨශාලීය නාට්‍ය තරගයෙන් සමස්ත ලංකා ප්‍රථම ස්ථානය දිනා ජ්‍යෙෂ්ට අංශයේ හොදම නාට්‍ය ලෙස සම්මානයට පාත්‍රවූ පෙරමුණේ රාල නමැති නාට්‍ය ඔපවත් කළ ඉහත සඳහන් ගීතය අර්ථවත් වන්නේ සතුරු බලවේග හමුවේදී ජාතියක එකමුතු බවේ අගය සළකා බලන විටය. එදා 1977 නුවරඑළියේ ගාමිණී මහා විද්‍යාලයෙන් කොළඹ පැමිණ අගනුවර රාජකීය විද්‍යාලයේ නව රඟහලේදී මහත් ආත්ම විශ්වාසයෙන් යුතුව “පෙරමුණේ රාල“නාට්‍ය රඟ දැක්වූ කුඩා සිසු සිසුවියෝ අද මහා පෞරුෂයෙන් වැඩුණු ජාතියට වැඩ දායක  පුරවැසියන් වී සිටිනු දකින අපි බොහෝ සතුටින් ඔකඳ වෙමු.ඉතින් ඒ සිසු කැල කවුරුන්ද යනු සටහන් තැබීම අපගේ යුතු කමක් බව නොකියා බැරිය.)
චරිත නිරූපණය
1බළලා....................කමල් ජානක ගුණවර්ධන ශිෂ්‍යයා...අද වි‍ශේෂඥ ශල්‍ය වෛද්‍ය වරයෙකි .ඇමරිකා එ.ජනපදයේ සේවය කරයි.
2අණබෙර මීයා..........නවාස් ජිප්රි  ශිෂ්‍යයා.....................අද විශේෂඥ ශල්‍ය වෛද්‍ය වරයෙකි.ශ්‍රී ලංකාවේ සේවය කරයි.
3 මී සභාපති..............චූලානන්ද පෙරේරා ශිෂ්‍යයා........... ආගමන විගමන පාලක ජනරාල් වරයා ලෙස සේවය නිමවා අද රේගු අධ්‍යක්ෂ ජනරාල් වරයා ලෙස සේවය කරයි.
4මී ලේකම්................එස්. මුරලිදරන්..ශිෂ්‍යයා................. අද කොළඹ සාර්ථක තොග වෙළඳ ව්‍යාපාරික මහතෙකි.
5 පළමු මීයා...............එම්. කරුණාරත්න ශිෂ්‍යයා..............අද සමුපකාර සංවර්ධන කොමසාරිස් ජනරාල් වරයා ලෙස සේවය කරයි.
6දෙවැනි මීයා.......... උපාලි සෙනෙවිරත්න ශිෂ්‍යයා ........................................අද රජයේ වෛද්‍යවරයකු ලෙස ගාල්ල ප්‍රදේශයේ සේවය කරයි.
7තෙවැනි මීයා............ඒ.එම්. ඉක්බාල්..ශිෂ්‍යයා...................අද ප්‍රවීන ඖෂධ වේදියකු ලෙස තම ව්‍යාපාරයෙන් සේවය කරයි.
8 මී හාමිනේ................චන්ද්‍රලතා බඹරවාන ශිෂ්‍යාව...............අද ප්‍රවීන ගුරුවරියක ලෙස රජයේ අධ්‍යාපන
සේවයේ යෙදෙයි.  .  9 මී පැටික්කා.........රංජිත් තිස්ස කුමාර ශිෂ්‍යයා   19 එන්.ඒ.විමලදාස ශිෂ්‍යයා  අද රජයේ විදුහල් පති වරයකු ලෙස නුවරඑළියේ කිකිළියාමාන විද්‍යාලයේ සේවය කරයි.          

1 comment:

  1. ඒඩ්වින් මහතා...............

    අහම්බෙන් ඔබේ බ්ලොගය හමුවුණා. අපේ සින්ඩියටත් දා ගත්තා.... අනික් සින්ඩි වලටත් යන්න...... සිංහල බ්ලොග් කෙරුවාව මේ වන විට බොහෝ පිරිසක් කරනවා.. දිගට ම ලියමු... ජය

    http://kurutugegeepawra1.blogspot.com/

    ReplyDelete