Tuesday, May 19, 2009

අවි ගත්තෝ අවියෙන් නසිති

ඔහුගේ නමෙහි තේරුම "හිරු" යනුයි.‍
එහෙත් ඔහු ආලෝකය දුන් හිරු නොවේ.
ඔහු විෂ සුලඟින් මෙලවුණු චන්ඩවූ, පරුෂවූ, අශික්ෂිත "ගිනිගොඩක්" ම විය.
ගිනිගොඩ නිවා දැමිණි.
බාහිර බලපෑමි නමැති විෂ සුලඟ තවමත් හමයි.
එයද නුදුරෙහි නිමාවනු ඇත.
ඔහුගේ චරිතයෙන් ඔහු ලොවට පෙන්වා දුන්නේ කුමක්ද...?
අනාගත ඉතිහාසයේ පරිච්ඡේදයක් පාසා ඔහුගේ නම ගර්හාවට භාජනය වනු ඇතැයි
මම කියමි.
එසේ නොවේ යැයි කියන කිසිවකු හෝ සිටියහොත්
ඔහුගේ අදහස් සාධාරණ දැයි විනිශ්චය කරන්නට ලෝකය සැදී පෑදී සිටී.
එහෙත් ඒ ගිනිගොඩ සාධාරණ යැයි කිහන්නට
කිසිවකු මේ මිහිපිට නැතැයි මම සිතමි.

1 comment:

  1. "බාහිර බලපෑමි නමැති විෂ සුලඟ තවමත් හමයි.
    එයද නුදුරෙහි නිමාවනු ඇත."

    තවත් කොපමණ කල් ඉන්නද?

    ReplyDelete