Tuesday, May 19, 2009

සොයුරනි

ලාංකික දමිළ සොයුරනි, සොයුරියනි
බසයේදී හෝ දූම්රියේදී හෝ
රෝහල් බංකුවේදී හෝ
මහ මගදී හෝ
කවර ගනුදෙනුවකදී හෝ
අපි අපේ ඡාතියක් ගැන නොසැලකුවෙමු
ජාතිවාදී අරමුණු ඉස්මතු නොකලෙමු
ඉදිරියටත් ජාති භේද නොසලකන්නෙමු
ඔබත් ඔබේ ජාතියට
වෙනම බංකුවක් හෝ
වෙනම ඉඩක් හෝ
වෙනම ධජයක් හෝ
නොඉල්ලන්නට පරෙස්සම් වුවහොත්
අප දෙදෙනාටම එකම ධජයක් යට
මේ එකම බංකුවේ හොඳටම ඉඩකඩ තිබෙනු ඇත
සැනසීම තිබෙනු ඇත

1 comment:

  1. හිතන්නට යමක් ඇති ඔබේ මේ පදවැල FB අවකාශයේ ඔබගේ නමින්ම පළකිරීමට අවසර දෙනවාද?

    ReplyDelete