Wednesday, October 31, 2012

නවකථාවලටපිදෙන සම්මාන වලින්කෙරෙන්නේ පාඨක ජනතාව මුලා කිරීම ද?_2


නවකථාව යනු කුමක්ද? උසස් නවකථාවක් හදුනා ගත හැක්කේ කවර මිනුම් දඩු වලින්ද?යන්න අද අපේ නවකථාව සම්බන්ධයෙන් පැන නැගී ඇති ලොකුම ගැටළුවයි.මේ පැනයට එක් එක් තීරක මණ්ඩලය දෙන පිළිතුරුද විවිධය.කෙනෙක් නවකථාවක ආකෘතිය එහි අපුර්වත්වය ලෙස දකිති.කෙනෙක් එය භාෂා භාවිතයේ ඇති දක්ෂතාව අනුව හුවා දක්වති.කෙනෙක් කතුවරයාගේ නමට හා තත්වයට හොද ලකුණු දෙන බව පෙනේ.තවත් කෙනෙක් නවකථාවේ පිටකවරයට හා එහි නාමයට පැහැදෙන බව පෙනෙන්නට තිබේ.අලියා සහ අන්ධයෝ විලසින් කෙරෙන මෙම විවරණ වලින් පඹ ගාලේ පැටලෙන්නේ රස පිපාසිත පාඨකයන්වූ අපමය.දැනට මෙම වසරේ සම්මාන දිනා ඇතිහොදම නවකථා තුන හතර නැවතත් සමීක්ෂණය කොට ,ඇත්තටම හොද නවකථාව, තෝරා ගැනීම සදහා ඇත්තම විද්වත් මණ්ඩලයකට භාර දීම නරකදැයි තරුණ පාඨකයන් ප්‍රශ්න කරන්නේ ඔවුන් තුළ සාහිත්‍ය ග්‍රන්ථ විනිශ්චයට භාජනය කළාවූ තීරකයන්ගේ නව දැනුම පිළිබදව අවිශ්වාසයක් ජනිතවී ඇති නිසාදැයි විමසා බැලිය යුතුවෙයි.
හොදම නාට්‍ය.හොදම කාව්‍ය ග්‍රන්ථය තේරීමේදීද මේ අවුල මෙලෙසම පවතී.එම නිසා හොදම නිර්මාණ තේරීම මදකට කල්දමා ඒ ඒ වරගයේ සාහිත්‍ය නිර්මාණවල තිබිය යුතු උසස් ලක්ෂණ මොනවාදැයි විශ්ව මට්ටමින් අධ්‍යයනය කොට සර්ව සම්පූර්ණ නිර්ණායක නිබන්ධනයක් සදහා සංගායනයක් පැවැත්වීමටත් ඒ අනුව විචාර සංග්‍රහයන් කිරීමටත් සාහිත්‍ය කලා විද්වතුන් උත්සාහවත් විය යුතු බව පැවසීම කාලෝචිතයැයි සිතිය හැකිය.        2012 ඔක්තෝබර් මස 19

No comments:

Post a Comment