Tuesday, November 27, 2012

සුජාත දියණිය ;බොරලු පාර, ස්වයං‍ජාත


සුජාත දියණිය ;බොරලු පාර, ස්වයං‍ජාත
උසස් වින්දනයක් අපේක්ෂා කරමින් රූපවාහිණී නාට්‍ය නරඹන්නට කැමති ප්‍රේක්ෂකයින්ට ජාතික රූපවාහිණියේ දැනට විකාශය වන  “සුජාත දියණිය“බොරලු පාර“නමැති ටෙලිනාට්‍ය දෙක හා ස්වාධීන රූපවාහිනියේ පසුගියදා විකාශය අවසන් කළ  “ස්වයංජාත“ නමැති ටෙලිනාට්‍යද මතක් කර දෙන්නට බෙහෙවින් කැමති වෙමි.
සුජාත දියණිය- රචනයෙන් ;අධ්‍යක්ෂණයෙන්;හා රංගනයෙන්විශිෂ්ටතාවක් පෙන්වන ඉතා සිත් ගන්නා කොරියානු රූපවාහිනී නාට්‍යයකි.එසේම සිංහල සංවාද මුසු කිරීමෙන්ද මෙහි විචක්ෂණ බවක් පෙන්වා ඇත.මග ඇරුණු කොටස්ද සමගින් මෙම නාට්‍ය නැරඹීමෙන් අප ප්‍රේක්ෂකයන්ට ලබා ගත හැකි ආශ්වාදය නොමදය. එසේම ඉන් ලැබිය හැකි ප්‍රබල ජීවන අත්දැකීමද ඉතා අගනේය.
ජාතික රූපවාහිනිය දැනට විකාශය කරන බොරලු පාර නමැති නාට්‍යයද ප්‍රේක්ෂකයින් විසින් නැරඹීමට වටනා නිර්මාණයක් ලෙස මම දකිමි.සූර රචකයකුගේ රූපවාහිනී රචනයෙන් සවිබලවූ මෙය ආශ්වාද ජනක ගැටුමකින් මෙන්ම අත්දැකීමකින්පෝෂිතය.නළුනිළියන්ගේ රංගනයද ප්‍රශස්ථය.
ස්වාධීන රූපවාහිනියද ඉතා රසවත් උසස් නාට්‍ය මෙන්ම ජන ආකර්ශණය දිනාගන්නා ආශ්වාදනීය නාට්‍යද විකාශනයට උත්සුක වන බව පෙනේ.මෑතකදී මෙම නාලිකාව මගින් විකාශය කළ ස්වයංජාත නාට්‍යයද ප්‍රේක්ෂකයින්ගේ රස වින්දනයට හා ජීවන අත්දැකීම් පෝෂණයට පිරිනමන ලද්දේ නොමද නිර්මාණ ආශ්වාදයකි.දුෂ්කර අධ්‍යක්ෂණයක් හා එබදුම දුෂ්කර රංග කාර්යයක් සහිත ස්වයංජාත ප්‍රඥාවත් රචනයකින් යුක්ත බව කිව යුතුය.මෙවරද ස්වාධීන රූපවාහිනිය වසරේ ජනප්‍රියතම ටෙලි නාට්‍ය සදහා වන ජනප්‍රිය සම්මානය සිහින පියාපත් ටෙලි නාටකය සදහා දිනා ගැනීමට ඉඩ තිබෙන බව ජන මාධ්‍ය මගින් දැන ගන්නට ලැබෙමින් පවතී. මහතලා හටන, ද මෙම නාලිකාවෙන් අප වෙත ප්‍රදානය කළ අගනා නාට්‍ය තිළිණයකි.

3 comments:

  1. රූපවාහිනි නාට්‍ය අංශයෙන් කාලෙන් කාලෙට හොද නාට්‍ය ඉදිරිපත් කරනවා. සඳගලතැන්න, සකිසඳ එළියෙස්, සබඳ පබිලිස්, ඉසුරු යෝගය, මෑතක මතක නම් කිහිපයක්.

    ReplyDelete
  2. බොරලු පාර මේ දවස් වල විකාශය වන නාට්‍ය අතුරින් මම කැමතිම නාට්‍යය. (ජාතික රූපවාහිනියේ හැර අනිත්වා නොබැලෙන තරම්) එහි වෙන්දකඩුව මහත්මයා රැකියාව අහිමි වෙලා පොලිසියෙන් පිටවෙලා පාර දිගේ යන හැටි පෙන්වපු විදිහත් ඒ වෙනතුරු එම කොටස ගොඩ නංවලා තිබුනු විදිහත් අනුව ඇත්තටම ඇහැට කඳුලක් ආවා. රසිකගේ රචනයත්, අධ්‍යක්ෂවරයාගේ හැකියාවත් රංගන ශිල්පීන්ගේ ප්‍රතිභාවත් (ඒක තමයි හරිම වචනේ මං හිතන්නේ, එදිනෙදා ගෙදර කන බොන ඉන්න හිටින හැටියටම චරිතය ඔහේ රඟ දක්වනවාට වඩා එහා ගිය හැකියාවකින් ඒ අය ඒක කරනවා. විශේෂයෙන් පිංකිගේ හස්බන්ඩ් හැටියට රඟපාන කෙනා එච්චර ම පරණ කෙනෙක් නොවුනත් ඉදිරිපත් කිරීම ‍සිත්ගන්නා සුළුයි)එක්ක නාට්‍යය ඉතාමත් රසවත්.

    සුජාත දියණියත් හොඳයි. ඔෂීන් තරම් යථාර්තවාදී නොවුනත් බලාගෙන ඉන්න පුළුවන් කථාවක්.

    ස්වයංජාත ගැන කියනවා නම්, නවකථාව වෙනස් කරපු මෙගාවක් වුනා වගේ දැනුනේ. :( අන්තිමට බැලුවෙත් නැහැ. එය ස්වයංජාත නවකථාවේ කථාව ගෙන නොගිය වෙනම කථාවක් වගේ. වෙන නමකින් විකාශය වුනා නම් ඒත් එකක්.

    ReplyDelete
  3. බොරලු පාර මේ දවස් වල විකාශය වන නාට්‍ය අතුරින් මම කැමතිම නාට්‍යය. (ජාතික රූපවාහිනියේ හැර අනිත්වා නොබැලෙන තරම්) එහි වෙන්දකඩුව මහත්මයා රැකියාව අහිමි වෙලා පොලිසියෙන් පිටවෙලා පාර දිගේ යන හැටි පෙන්වපු විදිහත් ඒ වෙනතුරු එම කොටස ගොඩ නංවලා තිබුනු විදිහත් අනුව ඇත්තටම ඇහැට කඳුලක් ආවා. රසිකගේ රචනයත්, අධ්‍යක්ෂවරයාගේ හැකියාවත් රංගන ශිල්පීන්ගේ ප්‍රතිභාවත් (ඒක තමයි හරිම වචනේ මං හිතන්නේ, එදිනෙදා ගෙදර කන බොන ඉන්න හිටින හැටියටම චරිතය ඔහේ රඟ දක්වනවාට වඩා එහා ගිය හැකියාවකින් ඒ අය ඒක කරනවා. විශේෂයෙන් පිංකිගේ හස්බන්ඩ් හැටියට රඟපාන කෙනා එච්චර ම පරණ කෙනෙක් නොවුනත් ඉදිරිපත් කිරීම ‍සිත්ගන්නා සුළුයි)එක්ක නාට්‍යය ඉතාමත් රසවත්.

    සුජාත දියණියත් හොඳයි. ඔෂීන් තරම් යථාර්තවාදී නොවුනත් බලාගෙන ඉන්න පුළුවන් කථාවක්.

    ස්වයංජාත ගැන කියනවා නම්, නවකථාව වෙනස් කරපු මෙගාවක් වුනා වගේ දැනුනේ. :( අන්තිමට බැලුවෙත් නැහැ. එය ස්වයංජාත නවකථාවේ කථාව ගෙන නොගිය වෙනම කථාවක් වගේ. වෙන නමකින් විකාශය වුනා නම් ඒත් එකක්.

    ReplyDelete