Wednesday, April 3, 2013

අපූරු සංවාදයක්




“වැදූ මවටත් මහ පොළොවටත් නැතිය නිවනක් “....වැඩිහිටියා කීවේය.
ඇයි එසේ කියන්නේ ?....තරුණයා ප්‍රශ්න කළේය.
“මිනිසාට කවුරුන් නිසා හෝ මහ කෝපයක් හට ගත හොත් , ඔහු පයින් ගසන්නේ මහ  
පොළොවටය.“
“පිළිකුළක් හට ගතහොත් කෙළ ගසන්නේ මහ පොළොවටය.“
“ස්වභාවික ශරීර වේගයන් පහ කරගෙන සැනසීමට මළ පහ කරන්නේ, මූත්‍රා කරන්නේ මහ  
පොළොව මතටය.“
“දුර්භික්ෂයේදී  ආහාර සොයමින් උලෙන් ඇන පීඩා කරන්නේ මහ පොළොවටය.
වැදූ මවටත් මහ පොළොවටත් නැතිය නිවනක්“ වැඩිහිටියා යළිත් තෙපළේය.
“ ඉතින්“?    තරුණයා ප්‍රශ්න කළේය.
පයින් ගැසුවත්,කෙළ ගැසුවත්,මළ මූ කළත් ඉවසා වදාරන්නීය පොළොව අම්මා !
අල බතල ආදි දේ සගවා ගෙන සිට අවැසි විට දෙන්නීය පොළාව අම්මා..
මිහි මතට ඇන කොටා, මිනිසා පැළ කරන බිජුවට පෝෂණය කොට වවා සරැ අස්වැන්න
දෙන්නීය මහ පොළොව..
තම ගැබ තුළ රන් මිණි ඈ සම්පත් සදා මිනිස් දරුවනට තිළිණ කරන්නීය මහ පොළොව..
අබල දුබලව දුකෙන් හඩා ඔහු -ඇය ඇද වැටෙන කළ “යහන“ වන්නීය ඇය..
සිසිලස පතා මිහි මත දිගාවන සියලු සතහට සිසිල බෙදන්නීය මහී මාතා..
අවසන මළ සිරැර පවා තුරුළු කොට ගෙන සනසා නිම කරන්නීය පොළොව අම්මා...
මහමෙරක් දුක් කන්දරා උසුල සිටිමින් මෙත් වඩන්නීය අම්මා!

No comments:

Post a Comment