Tuesday, April 9, 2013

තමිල් නාඩු ගෝරනාඩු



සත්තම් ..සත්තම්..පෙරිය සත්තම්.
එන්නා සත්තම්?
ලංකාවේ සිටින දෙමළ මිනිසුන්ට සිංහල මිනිස්සුන් වගේම ආණ්ඩුවත් කරදර කරනවාලු !
කරුණා නිදි වගේම ජය ලලිතා ත් ජයටම කියනව..දඩුවම් දෙන්න ඕනලු අපට.සරියාන කරච්චල්!
ඉතින් ශ්‍රී ලංකාවෙ ඉන්න දෙමළ උදවියසිංහලයන් වගේම ජයට නිදහසේ ඉන්නවානේ......ඒ බව ඒ කට්ටිය
දන්නේ නැතුව ඇති...ඔව් දන්නෙ නැතිව ඇති...හිතනවා ඇති තමිල් නාඩුවේ වගේ ලංකාවෙත් කරදර ඇති කියලා..දකුණු ඉන්දියාවෙ නළු නිළියනුත් ලංකාවට විරැද්ධව උපවාස රැස්වීම් ගෝරනාඩු කරනවාලු.!
අහෝ ඛේදයකි.!....නැහැ නැහැ ඉස්තරම් විහිළු..ඔව් විහිළු..
දකුණු ඉන්දියාවෙන් උනු උනුවේම ගෙන්නලා ලංකාවේ ටී වී වල පෙන්නන“ I p S රේඛා “ වගේ බොහෝ ටෙලි නාට්‍ය වලිනුත් , කමළහසන්,රැජිණි කාන්ත් ආදීන් රගපාන සිනමා පට වලිනුත් අපට දැන් පෙන්වන්නේ ජරා ජීර්ණ තමිල් නාඩු දේශපාලනයේ ජඩ බව හා දුෂ්ට ප්‍ර යෝගකාරී ස්වභාවය බව දන්නෝ දනිති.ඒ වගේම තමිල් නාඩු සාමාන්‍ය ජනතාවගේ මනුෂ්‍ය අයිතිවාසිකම් පවා නැතිව ගිය බියකරු සමාජ වාතාවරණය ඒවාවල යස තාත්විකත්වයෙන් පෙන්නුම් කරනවා.
ඉතින් නළු අයියා,තවත් මොන කථා ද? ඔවුන්ගේ නාඩුවේ සැබෑ තත්වය ඔවුන් විසින්ම දිනපතා අප දෑස් හමුවේ සක්සුදක් සේ පැහැදිළිව ප්‍රදර්ශනය කරමින්ම මේ මිනිසුන් මොනවද මේ කරන විකාර!

No comments:

Post a Comment