Saturday, May 11, 2013

ලයිට් බිල අඩු කර ගැනීමේ නොවරදින මග



තරුණයෝ මහ දැන මුත්තා හමු වූහ. “මහ දැන මුත්තේ , ලයිට් බිල හරි සැර වැඩියි. ගෙවන්න අමාරුයි.
කරුණාකරලා ඒක අඩු කර ගන්නා විදිය අපට කියලා දෙන්න“  තරුණයෝ කංකෙදිරි ගෑවෝය.මෙය ඇසූ
දැනමුත්තා සිණාසුණේය. “ළමයිනේ, වැඩි නම් ඇයි පාවිච්චි කරන්නේ ? අත් අරින්න.
එවර සිණාසුණේ තරුණයන්ය.
“පාවිච්චි නොකර කොහොමද ? ඒක මහ මෝඩ කතාවක්!  “ තරුණයෝ කීහ .
“ළමයිනේ, එහෙමනම් පාවිච්චි කරන්න .“
“ඒකත් මෙන්ටල් කතාවක්නෙ..“ හඩ නගා සිණාසුණහ.
“අවශ්‍ය දේට පාවිච්චි කරන්න ,අනවශ්‍ය දේ අත් අරින්න.“ මහදැනමුත්තා හඩ නගා සිණාසුණේය.“
“අනවශ්‍ය දේ ? ඒ මොනවාද ?“
“නිකරුණේ ලයිට් දාගෙන නිදිමැරීම, වෙළද දැන්වීම් සමග නිසරු ටෙලි නාට්‍ය පැය ගණන් බැලීම,වෛර
“දේශපාලන සාකච්චා බලමින් කාලය මැරීම,තොදොල් කතා කියන රේඩියෝ වැඩ පැය ගණන් අසා සිටීම
“තව ඕනැද..?“
“හෝව්!හෝව්! ඔය ඇති,ඔය ඇති. මුත්තා කිව්වොත් කියන්නේ ඔය වගේ ‘එළු බෙලි කතාවක්“ ම තමයි “
තරුණයෝ හූ කියමින් සිනහ වූහ.

4 comments:

  1. කාලෙකින් ඔබතුමාගේ බ්ලොග් එක පත්තෙඅවේ.. කාලෝචිත නිර්මාණයක් ,

    ReplyDelete
  2. ඇත්ත කතාව. නිව්ස් බැලිල්ලත් තහනම් ලැයිස්තුවට එකතු කළා නම් නියමයි.

    ReplyDelete
    Replies
    1. අපි නං ටීවී එක අයින් කරලම දැම්මා

      Delete
    2. මේ වැඩේ නම් හොදා ළමයි වෙනුවෙන්

      Delete