Thursday, August 20, 2015

එක ලෝකයක එකම එක මිනිහා



නෝනාවරුනි මහත්වරුනි ,
කථකයා සිය තියුණු කටහඩින් රැස්ව සිටි මිනිසුන් ඇමතු වේය......, “මේ ලෝකයේ අප සැමට පායන්නේ එක හිරුය..එළිය දෙන්නේ එක සදුය.කිසිසේත්ම අපේ උතුම් ජාතියක් උදෙසා වෙනම ඉර එළියක් ලබා දෙන්නට දෙවියන්ටවත් නො හැකිය.
අප සැම එකම දෙපාවන් නිසා කිසිවකුටවත් තව පා දෙකක් වැඩියෙන් හෝ අඩුවෙන් පුදන්නට දෙවියන්වත් කැමති නැත..
අනෙකාට වඩා ඉහළින් වැජඹෙන්නට හැම විටම අපට අවකාශ නො ලැබේ...එයට හේතුව අනෙකාද එලෙස වැජඹෙන්නට සිතන බැවිනි..සිතුවොත් නුඹලා නිතර ගැටෙනු ඇත...
වෙන්වී ජීවත් විය යුතුනම් අප යායුතු වන්නේ,හිමව් අරණයකටය..එහිද විවිධ ජාති කුල සහිත තුරුලතා  එකට ජීවත්වන බව අපට පෙනෙනු ඇත...
ඉතින් අප වෙන්ව වසන්නට සිතා අපගේ ජාතිය රැගෙන කාන්තාරයකට ගියහොත් ,ටික කලකට අපේ ආත්මාර්ථකම සැනසෙනු ඇත..එහෙත් ටික කලක් යත්ම අප අතර ඇති  වෙනත් වෙනත් වෙනස්කම් දැක එය අපගේ සිතට වදයක් වනු ඇත.උස කොට,සිහින් මහත්,කලු සුදු,තලඑලෙලු?...........
අහෝ මොන තරම් වෙනස්කම් තිබෙනවා ද...ඉතින් අපි ඒ වෙනස්කම් ගැන හිත හිතා එක එකා සමග ගැටෙනු ඇත.ඒ ඒ වෙනස්කම් අනුව බෙදි බෙදී යුද වදිනු ඇත.
බලන්න අර විවිධ පැහැයෙන් විවිධ හැඩ රුවින් පිපෙන මල් යාය!.මොන තරම් හැඩද,මොන තරම් සුවද ද?ඒ මල් තරම් සුවයෙන් සැනසෙන්නට,ලොව සනසන්නට අපට පින් නැත්තේ ඇයි ?..

2 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. වර්තමානයේදී ප්‍රශ්න බොහොවිට අති වන්නේ එක ජාතියක් තව එකකට වඩා උතුම් ය යන කල්පනාවට වඩා එක භාශාවක් කතා කරන පොදු සන්ස්කෘතික ලක්ශන සහිත ජනකොටසක් තමන්ට සුවිසෙශි බලයක් ගොඩනගා ගන්නට දරන උත්සහය තුලයි. ඒ තුල අනෙක් ජාතින් හෙලා පහත් කිරීමක් නොතිබෙන්නටමත් පුලුවන්. ඒත් සාම්ප්‍රදායිකව බලය හිමි හෝ බහුතරය වීම නිසා බලය හිමි අය සමග ගෙටුමක් නිර්මානය වන්නෙ බල අරගලය තුලයි

    ReplyDelete