Thursday, February 14, 2013

“මගේ මව් බිම“

සිංහල; දමිළ මුස්ලිම් සැමට එකතු වී එකට ගායනය කළ හැකි ගී පද මාලාවක් පහත සදහන්ය. මෙයට ගැලපෙන මිහිරි තනුවක් යොදා ගායනය කිරීමෙන් අප සැම එක්වී පවත්වන සාද අවස්ථා කාටත් වඩාත්ම රසවත් කර ගත හැකිවනු ඇත.
මේ මගේ රටයි මේ මගේ උතුම් ජාතියයි
මා සුනිල්...මා සිවා ..මගේ නම සරෝජා
මා පාතිමා..කෝ මගේ පාරුෂා
මම තමයි සිසි පබා..කෝ ඉතින් රංජනා
මම තමයි හෙළ ධජේ වැජඹෙනා සිංහයා.....

මේ මගේ රටයි මේ මගේ උතුම් ජාතියයි..
සිරි මහ බෝධියයි පන්සලයි පල්ලියයි
කෝවිලයි පාසලයි සීගිරී සමනළයි
මේ මගේ සම්පතයි  මේ මගේ උතුම් ජාතියයි...
මගේ බස සිංහලයි  මගේ බස දමිළයයි..
සාහිතෙන් නාටකෙන්        මා ඉතින් හරි සරුයි.
මේ මගේ සම්පතයි  මේ මගේ උතුම් ජාතියයි..
මේ මගේ උතුම් ජාතියයි මේ මගේ උතුම් ජාතියයි  මේ මගේ උතුම් ජාතියයි......

No comments:

Post a Comment