Wednesday, February 27, 2013

මිස් දුම්වැටි සහ මිස්ටර් බුද්ධි ගේ හමුවීම




මිස් දුම් වැටි :  සුමිතුර මම වෙමි දුම් වැටිය---ඹබගේ දුක සැප ළග හිටිය
                     ඇයිද අනේ අද අහක බලාගෙන---කියන්නකෝ මා කළ වරද
මිස්ටර් බුද්ධි ;  ඹබ කළ වැරදී  එමට ඇත --------ඉදිරියටත් එය කරනු ඇත
                    යනු යනු මාගේ දෑසට නොපෙනී--කිසිදා මාවෙත නො එන ලෙස
මිස් දුම් වැටි;   ආදරයෙන් මා එන කලට --------පන්නන්නේ ඇයි මේ ලෙසට
                      පොඩියට හිටියට කෙතරම් ලොකුවට - වැඩ කර පෙන්නලා නැද්ද මම
මිස්ටර් බුද්ධි;   ඹබගේ වැඩ ගැන ඹය ඇතිය -------දන්නෙමි ඹබ කළ හැම හදිය
                       කොමළ දමා සිනාව පාලා--------දැන් මා රවටන්නට බැරිය
මිස් දුම් වැටි;    ඉස්සර නම් මම හරි හොදය ----හිටියේ දෙතොලට ළං කරය
                        හිටිය ගමන් අනෙ ඹයාගෙ වෙනසට --හරි කාරණයක් නැහැ නේද?
                           {  බොරැවට අඩමින් ලේන්සුවෙන් කදුළු පිසියි]
මිස්ටර් බුද්ධි:  පෙනහළු පිළිකා රැගෙන එන ---හෘදය බාධා වළදවන
                     හිටිය ගමන් මගෙ නෑදෑ පරපුර --පරලොව යවමින් සිනාසෙන
                    ඹබ නම් මේ ලොව යකිනියකි ---සුර දුවකගෙ වෙස් ගත් නිතිනි
                     තායම් මායම් ඇති ඇති නුඹගේ --යනු යනු මෙතනින් යනු චුතවී
මිස් දුම් වැටි;   මගුල් ගෙදරදී ඹ්නැ වුනා --මළ ගෙදරදිත් ඹ්නැ වුනා
                       පාලුව යන්නට තනියට හිටියා--නරකයි මතකත් නැහැ ඒවා   [
         [   තරහින් අතින් ගසයි ]
                           රෑ නින්දට පෙර අඩ ගැසුවා ---වැසිකිළි යන්නෙත් මා සමගා
                       කරපු ඇසුර අමතක කරලා --ඉන්නේ කොහොමද මං නැතුවා ?
   
      [   කොමළ කරමින් යටැසින් බල බලා ඉගි කරයි ]
මිස්ටර් බුද්ධි;  කරපු මෝඩකම් නිමක් නැතේ --මින් පසු ඒවා කරනු නැතේ
                      මත්වැටි දුම් වැටි යක්ෂනියේ ----කියපන් හෙළිකර ඇත්ත උඹේ  (කෙස් වලින් අල්ලයි )
මිස් දුම් වැටි;   අනේ ! අනේ! මට ගසනු එපා --ඇත්ත කියන්නම් වෙස් ගලවා
                      එක එක අයගේ වෙළද ඇම ----අරගෙන මං ඹබ වෙත ආවා

                      දහසක් ලෙඩ අරගෙන ආවා --මුදල් පසුම්බිය හිස්  කෙරුවා
                      මහත්තයෝ නුඹ මෝඩ වුණොත් මට--ඹබෙ ජීවිතේම අදුරට යනවා.....
මිස් දුම් වැටි හඩ නගා කරපු වැරැද්දට බුද්ධිගෙන් සමාව අයැදියි-----(රැගුම නිමි )
(මෙය විවිධ ප්‍රසංග - සංදර්ශන ආදියේදී ගයමින් රග දැක්වීමට ඹබට රචකයා වන මම අවසර දෙමි.)

1 comment:

  1. Many do not know that cigarettes kill around 25,000 people in Sri Lanka a year. Even the media who make big fuss when 250 people die of dengue are silent about this harm. This is because, the so called "Ceylon" Tobacco Company, (which on the contrary is owned by the Britain and America who are going to set Sri Lanka up in Geneva), is treating the influential people well! In this context Thank you Edwin for the work. Let's pity those who are still unaware of this multinational trap and smoke cigarettes!

    ReplyDelete