මිස් දුම් වැටි :
සුමිතුර මම වෙමි දුම් වැටිය---ඹබගේ දුක සැප ළග හිටිය
ඇයිද අනේ අද අහක
බලාගෙන---කියන්නකෝ මා කළ වරද
මිස්ටර් බුද්ධි ; ඹබ කළ වැරදී
එමට ඇත --------ඉදිරියටත් එය කරනු ඇත
යනු යනු මාගේ දෑසට නොපෙනී--කිසිදා මාවෙත නො
එන ලෙස
මිස් දුම් වැටි; ආදරයෙන් මා එන
කලට --------පන්නන්නේ ඇයි මේ ලෙසට
පොඩියට
හිටියට කෙතරම් ලොකුවට - වැඩ කර පෙන්නලා නැද්ද මම
මිස්ටර් බුද්ධි; ඹබගේ වැඩ ගැන ඹය
ඇතිය -------දන්නෙමි ඹබ කළ හැම හදිය
කොමළ දමා
සිනාව පාලා--------දැන් මා රවටන්නට බැරිය
මිස් දුම් වැටි; ඉස්සර නම් මම
හරි හොදය ----හිටියේ දෙතොලට ළං කරය
හිටිය ගමන්
අනෙ ඹයාගෙ වෙනසට --හරි කාරණයක් නැහැ නේද?
{ බොරැවට අඩමින් ලේන්සුවෙන් කදුළු පිසියි]
මිස්ටර් බුද්ධි: පෙනහළු පිළිකා රැගෙන
එන ---හෘදය බාධා වළදවන
හිටිය ගමන් මගෙ
නෑදෑ පරපුර --පරලොව යවමින් සිනාසෙන
ඹබ නම් මේ ලොව
යකිනියකි ---සුර දුවකගෙ වෙස් ගත් නිතිනි
තායම් මායම් ඇති ඇති නුඹගේ --යනු යනු මෙතනින්
යනු චුතවී
මිස් දුම් වැටි; මගුල් ගෙදරදී
ඹ්නැ වුනා --මළ ගෙදරදිත් ඹ්නැ වුනා
පාලුව යන්නට
තනියට හිටියා--නරකයි මතකත් නැහැ ඒවා [
[ තරහින් අතින් ගසයි ]
රෑ නින්දට පෙර අඩ ගැසුවා
---වැසිකිළි යන්නෙත් මා සමගා
කරපු ඇසුර
අමතක කරලා --ඉන්නේ කොහොමද මං නැතුවා ?
[ කොමළ කරමින් යටැසින් බල බලා ඉගි කරයි ]
මිස්ටර් බුද්ධි; කරපු මෝඩකම් නිමක් නැතේ --මින් පසු ඒවා කරනු
නැතේ
මත්වැටි දුම් වැටි
යක්ෂනියේ ----කියපන් හෙළිකර ඇත්ත උඹේ
(කෙස් වලින් අල්ලයි )
මිස් දුම් වැටි; අනේ ! අනේ! මට ගසනු එපා --ඇත්ත කියන්නම් වෙස්
ගලවා
එක එක අයගේ වෙළද ඇම
----අරගෙන මං ඹබ වෙත ආවා
දහසක් ලෙඩ අරගෙන ආවා
--මුදල් පසුම්බිය හිස් කෙරුවා
මහත්තයෝ නුඹ මෝඩ වුණොත්
මට--ඹබෙ ජීවිතේම අදුරට යනවා.....
මිස් දුම් වැටි හඩ නගා
කරපු වැරැද්දට බුද්ධිගෙන් සමාව අයැදියි-----(රැගුම නිමි )
(මෙය විවිධ ප්රසංග - සංදර්ශන ආදියේදී ගයමින් රග දැක්වීමට ඹබට රචකයා වන මම අවසර දෙමි.)