Saturday, March 2, 2013

ධනසේන ගේ පුදුම සුපර්මාර්කට් එක



ධනසේන තම සුපර් මාර්කට් එකේ ඉදගෙන වටේට හිටිය උපදේශක වරුන්ගෙන් මෙහෙම ඇහැව්වා. “ මිත්‍රවරුනි.  හරකුන්ගේ .එළුවන්ගෙ. උරන්ගේ.මාලුන්ගේ ආදි වශයෙන් සතුන්ගේ මස් කෑම පන්සිල් රකින බෞද්ධයා පව් සිදුවන ක්‍රියාවක් හැටියටයි සළකන්නේ. ඒවා කෑමෙන් ප්‍රාණගාතය හෙවත් සතුන්යේ පණ නැසීමට රැකුලක් වන නිසා මස් කෑම බෞද්ධයාට පාපයක්.
ඉතින් . අපේ රටේ බෞද්ධයන් මස් කෑමෙන් වැළැක්වීම සදහා උදව් කිරීමට “පංච සීල මුද්‍රාවක්“ එම කෑම ද්‍රව්‍යයට යෙදීම සුදුසු ද නැද්ද?  ඒ වගේම සොරකම් කළ වස්තූන් පරිභෝජනයත් පව් !..ඒ නිසා මගේ මේ කඩ සාප්පුවේ විකුණන්නට තිබෙන හැම භාණ්ඩයකටම   “මෙය සොර කම් කළ භාණ්ඩයක් නොවේ “...  යනුවෙන් සදහන් වන පංච සීල මුද්‍රාව තැබීම සුදුසු ද නැද්ද ? 
ඒ වගේම බෞද්ධයා සදහා මත්පැන් බෝතල් වල   “මෙය පංච සීලයට විරැද්ධයි“ යනුවෙන් යෙදුවොත්  හොද නැද්ද?  අනේ මං දන්නේ නැති නිසයි අහන්නේ..ඔය ගොල්ලෝ මොකද කියන්නේ ? ධනසේන ඇහුවා..
උපදේශකවරු වැඩි දෙනෙක් හඩ නගා හිනා වුණා.   “පිස්සු නැතුව ඉන්න මහත්තයා“  ඔවුන් කිව්වා.
ඇයි එහෙම කියන්නේ“  ධනසේන විමතියෙන් ඇසුවා.
“ඕවා රට පටලන වැඩ“  විහිළු වලටත් සීමාවක් තියෙන්න ඕනෑ “   බුද්ධිමත් උපදේශකවරු එක හඩින් හඩ නගා කිව්වා.
‍්
නූතන උපමා කථාවක්

3 comments:

  1. "නූතන උපමා කථාවක් ". ඔව් කාලයට ගැලපෙන. හරි අපූරුයි.
    මැණික්

    ReplyDelete
  2. "නූතන උපමා කථාවක් ". ඔව් කාලයට ගැලපෙන. හරි අපූරුයි.
    මැණික්

    ReplyDelete