Thursday, March 7, 2013

නෝනා වරුනි/මහත්වරුනි; අපට ඕනෑ නිදහසද නැතිනම් වල්බූරු නිදහස ද?



පසුගිය දවස්වල දණහිසෙනුත් අඩියක් උඩට වෙන්නට ගවුම් කෙටි ඇදගෙන  පාරේ ඇවිද්ද අපේ ගුණවතීයි සුජාතා කෙළියි දෙන්නම ඔන්න දිග කළිසම් ඇදගෙන මොට්ටක්කිළියක් වගේ රෙද්දක් දමාගෙන ඔලුවත් මුහුණත් වසාගෙන අද කඩේ යනවා . මග යන එන බොහෝ දෙනා ගුණවතිගෙයි සුජාතාගෙයි මුහුණු දකින්නේ නැති නිසා අදුරන්න බැරිව කතා නොකොට යනවා.
කඩේ මුදලාලි කටහඩෙන් ගුණවතීවයි සුජාතාවයි හැදින්නා.එයා අන්දුන්කුන්දුන්.   “මේ මොකද උඔලා මුහුණු වහගෙන“ ? 
“අපි පොඩි මෝස්තයක් කොපි කළා මුදලාලි“  ගුණවතී කිව්වා.
මේ කතාව අහගෙන එතන හිටිය දන්නා අදුනන උගත් මහත්තයෙක් ගෑණු ළමයි දෙන්නට කතා කළා.
“අනේ කෙල්ලනේ‍් .. උඔලගෙ මූණවල්වල තියෙන සිරියාව මොන තරම් වටිනවද  ? උඔලගෙ ඇස් ,නහය, කට මොන තරම් ලස්සණද? ස්වභාව ධර්මයෙන් ඔය ලස්සණ උඹලට හම්බ වුනේ උඹලගෙ පිනට ...මලක් ලස්සණට පිපිලා තියෙන කොට ඒ මල කඩදහියකින් වහන්නේ මොන එහෙකටද ? කවදා හරි පරවෙලා යන බවත් නිතර සිහිපත් කරමින් අමුත්තක් නැතිව මූහුණ පෙන්නලා මේ ලෝකේ තව තවත් ලස්සණ කරපල්ලා.!  හැබැයි සීමාවක් සදාචාරයක් ඇතිව....!  තේරැණා ද?  සීමාවට එහායින් මොකුත් එපා!  මේකත් මතක තියා ගනිල්ලා!නිදහස හිතට අරන් උඹලාගේ අනෙක් අග පසග විවෘත කරන්න ඇදුම් අදින්න එපා !මොකද ඒක පිරිමින්ගේ නිදහසට බාධාවක් වෙන්න පුලුවන් නිසා! “
ගුණවතීයි සුජාතායි එදායින් එදා අනුන්ගේ මොස්තර හරි තමුන්ගේ මෝස්තර හරි අහුලා ගන්න ඉස්සර මොළේ ඇතිව කල්පනා කර බලන පුරුද්ද ඇති කර ගන්න හිතට ගත්තා.
කොයි දේත් සීමාවකට තිබීම නරක නැහැ.! නිදහස වුණත් අසීමිත නම් එතන ඇත්තටම නිදහසක් නැහැ නේද“ ..
(මේනූතන උපමා කතාව ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් බව සළකන්න )

No comments:

Post a Comment