පුතා තම අත ඇති පොත හඩ
නගා කියවූයේය . ...........
“කාමාශාව, බඩ ගින්න,සහ
නිදිමත යනු සකල සත්වයාගේ මූලික අවශ්‍යතාවන් බව ප්‍රොයිඩ් වැනි මනෝ විද්‍යාඥයින්
විසින් ද පැවසී ඇත.බඩ ගින්න නිසා සත්වයා ආහාර
සොයයි. සදයි. ගිජු ලෙස වළදයි. කාමාශාවද එසේමය. නිදිමත ඇතිවූ විට වැටුණු තැනක නිදා
ගැනීමට අවශ්‍යමය.“
“සදාචාරය යනු කාමාශාව
බඩගින්න නිදිමත යන මූලික අවශ්‍යතාවන් “තැන නොතැන“ බලා පාලනය කර ගැනීමයි.“ මේ පාලනය හෙවත් “සදාචාරය“ තිරිසනාගෙන් මිනිසා
වෙනස් කරවන ප්‍රධාන අංග ලක්ෂණයයි. සදාචාරය නොමැති තැන මිනිස්කම නැත.“
පොඩි පුතා තමා කියවමින්
සිටි පොතේ ඉහත සදහන් පාඨය හඩ නගා කියවා අනතුරුව පියාගෙන් ප්‍රශ්නයක් ඇසුවේය.
“කාමාශාව කියන්නේ මොකක්ද
තාත්තේ ?.“...
“කාමාශාව කියන්නේ පංචඉන්ද්‍රියන්
පිනවීමේ ආශාවට.! ඒ කියන්නේ ඇහැ,කන, නාසය,දිව සහ ලිංගික අවයව ඇතුලුව ශරීරය යි හිතයි
පිනවිමේ ආශාව“ පියා සංසුන්ව තේරුම් කළේය.
“මට තේරුණේ නැහැ“ පොඩි
පුතා කුනු කුනු ගෑවේය. ..
“පුතේ, ඇහැ පිනවනවා කියන්නේ,ඇහෙන්
දකින දේ ආසාවෙන් බල බලා හිත සතුටු කර කර ඒ රූපෙට ඇලී සිටීම කියලා කියන්න පුලුවනි.‘‘පියා
ඉවසිල්ලෙන් යුතුව පැහැදිළි කළේය.
“මට තේරුණා!..රස රස කෑම ජාති කකා පෙරේත කමට ඉන්න එක වගේ නේද?“...බුද්ධිමත්
පුතා වහා කීවේය.
“අන්න හරි,අධික විදියට
ඔය ඇහැ කන ආදි ඉන්ද්‍රියන් පිනවන්න ගියාම,මිනිස්සූ(සත්තූ)එක එකාගෙන් උදුර උදුරා
ගෙන තමන් ඒ ඒ රස විදින්න පටන් ගන්නවා.එතකොට කල කෝලාහල කර ගන්නවා,පොර කනවා,බලහත්කාර
කම් කරනවා,මිනි මරා ගන්නවා,ඉක්මනින් ලෙඩ වෙනවා,ඉක්මනින් මැරෙනවා,විකාරයක්
වෙනවා“ පියා දිගු කතාවක් කෙටියෙන් කීවේය.
“ඔව්,ඔව් මට තේරුණා!
පාලනයක් තියෙන එක හොදයි,නැත්තම් සේරම ජෑම් වෙනවා,හැබැයි තාත්තේ,ඒ පාලනේත්“ දඩයක්
දඩුඅඩුවක්“වුණොත් හොද නැහැ නේද“ ?
“ ඔව් පුතා, සදාචාරය
හොදයි!හැබැයි ,ඒ සදාචාරය මිනිසාගේ සාමාන්‍ය නිදහසට බාධා කරන තරම් දර දඩු වෙන්න හොද
නැහැ“
“බලාගෙන ගියාම සදාචාරය
කියන්නේ,“ඇතුවත් බැරි නැතුවත් බැරි,තේරැම් ගන්නත් බැරි අපබ්‍රංසයක් නේද තාත්තේ“?
“නැහැපුතේ, නුවණ ඇති
මිනිසා සදාචාරයේ සීමා මායිම් හොදට තේරුම් ගන්නවා“...
“ඉතින් තාත්තේ,තාත්තා
සදාචාරවත්ද?“ පුතා කොළොප්පන් ප්‍රශ්නයක් ඇසුවේය.
“මං ගැන හිතන්න ඉස්සර
වෙලා, පුතා පුතා ගැනම හිතලා බලලා මැනගෙන බලන්න“ පියා සිනාසෙමින් කීවේය.
No comments:
Post a Comment