Monday, June 24, 2013

මේ මගේ ප්‍රාර්ථනාවයි!



රට මැද සිට සතර දිශාවට ගලන ගංගාඇල දොල, බාධා කිරීමකින් තොරව, රට සැම තැන සරු කරමින්,යෙහෙන් ගලා යේවා!
රටේ උතුර, දකුණ, බස්නාහිර, නැගෙනහිර,වයඹ,නිරිත,ඊසානමධ්‍යම ආදී පළාත්, දිසා හරහා දිවෙන මං මාවත්වල වැට කඩුලු නොමැතිව  බාධා කිරීමකින් තොරව නිදහසේ ගමන් කිරීමට දැන් අපට ඇති නිදහස සදා කල් එලෙසම පවතීවා!
රටේ ඕනෑම පුරවැසියකුට සිය රටේ ඕනෑම පෙදෙසකින් ඉඩමක් මිළදී ගැනීමට,නිවෙසක් ඉදිකර හෝ මිළදී ගෙන එහි පදිංචි වීමට බාධා ඇති නොවේවා!
රට තුළදී ඕනෑම කෙනෙකුට ඕනෑම අයකු හා දෙදෙනාටම වැටහෙන ඕනෑම ශිෂ්ට භාෂාවකින් කතා කිරීමට දැන් ඇති නිදහස තව තවත් වර්ධනය වේවා!
රට පුරා ඇති අපේ අගනා පුරා වස්තු සියල්ල ,සියලු දෙනාගේ ජාතික උරුමයහා ප්‍රෞඩත්වය වන බැවින්, ඒවා සියල්ල එක ලෙස රැක ගැනීම,සියලු දෙනාගේ වගකීම හා යුතුකම බව සියලු දෙනාට එක ලෙස වැටහේවා!
රට වටා ඇති මහ මුහුද රටේ සැම දෙනාගේ පොදු උරුමයක් බවට ඇති පිළිගැනීම මේ කප පවත්තා තුරු ඒ ලෙසම පවතීවා!
රටපුරා සැම තැනම සිංහල මිනිසුන්ද,දෙමළ මිනිසුන්ද, මුස්ලිම් මිනිසුන්ද වෙනත් ලාංකිකයන්ද ආදී වාසින්ද නිතර දක්නට ලැබුනොත් එය පුදුමයට කරුණක් නොවේවා!(කොළඹ දී දැනුත් එසේ දක්නට ලැබෙන බව ඇත්තකි.)
ජාතිවාදී හැගීම් හා ආගම්වාදී පටු අදහස් වලින් කුණු නොවූ නිදහස්කාමී ,ශ්‍රේෂ්ට ලංකා ජාතියක් බිහිවනු දැකීම උතුම් ප්‍රාර්ථනයයි.
මේ කවි කල්පනාව සැබෑවක්ම වේවා!
  

No comments:

Post a Comment