Tuesday, June 18, 2013

ඉල්ලන අයට පමණයි! කලා බූසණ



කලා බූසණ සම්මාන ඉල්ලා ලබා ගත් අය දහස් ගණනක් සිටිති.වසරක් පාසා මෙම ප්‍රදානය ඉල්ලා ලබා ගන්නා අයද බෝ වෙති.ඒ අතර මේ බූසණය ඉල්ලා ලබා ගත් අයද වසරක් පාසා කිසිම සුගතියක් නො ලැබ රහසේම මිය යති.     යම් රටක කලාකරුවා යනු ගෞරව සම්මාන ලැබිය යුතු අයකු බව කීම සාධාරණය.එහෙත් කලාකරුවා තම හැකියාව හා ප්‍රතිභාව අනුව  කරන ලද කාර්යයන් උදෙසා සම්මාන ඉල්ල ඉල්ලා ඉල්ලුම් පත්‍ර දැමිය යුත්තකු වන්නේ නම් එය මහත් පුදුමයකි.!අසාධාරණයකි!.එය විශේෂයෙන්ම හැට පැන්න ජ්‍යෙෂ්ඨ කලාකරුවාට මහත් අවමානයකි.කලාකරුවාට රජයකින් සම්මාන පිදිය යුත්තේ ඔහු කළ ඉහළ සාහිත්‍ය හා කලා සේවයට ගෞරවයක් වශයෙනි.ඒ සදහා කලාකරුවා සම්මාන අයැද සිටිය යුතු නොවේ.
මේ බව දන්නා කලාකරුවෝ කවදාවත් මේ කලා බූසණය සදහා ඉල්ලුම් කරන්නේ නැත. ඒ නිසා දැනට වසරක් පාසා කලා බූසණය ලබන්නේ බොහෝවිට ඉල්ලුම් පත්‍ර දමන උදවියයි.මේ අය අතර නියම කලාකරුවන් සිටින්නේ අහම්බෙන් එක් කෙනෙක් දෙන්නෙකි.1980 දශකයේ සිටි රජයක් විසින් සේරු ගණනින් බෙදීමට පටන් ගත් මෙම බූසණ සම්මානය අදත් එලෙසම පවත්වා ගෙන යන්නේ කවර උපදේශකයකුගේ උපදේශයකින් දැයි අපට නොතේරේ.
ප්‍රාදේශිය ලේකම් කාර්යාලයක් පාසා සංස්කෘතික නිලධාරින් යැයි වැටුප් ලබන පිරිසක් සිටිති.මොවුහූ තම තම පෙදෙසේ සිටින කලාකරුවන් පිළිබදව දැනුමක් හා හදුනා ගැනීමක් ඇති අය විය යුතුය.එහෙත් එය එසේ නොවේ යැයි බොහෝ විට ප්‍රත්‍යක්ෂ වන කරුණකි.කලාබූසණ ඉල්ලුම් පත්‍ර පෝර්මය ලබා ගැනීම,සුදුසු කම් තහවුරු කිරීමේ සාක්ෂි ඇතුළත් ලිපි ද්‍රව්‍ය සොයා ඡායා පිටපත් සකස් කර ගැනීම,ඒවා නිලධාරින්ට පෙන්නා තහවුරු කොට අනුමත කරවා ගැනීම වැනි දහසක්දේට රස්තියාදු විය යුතු තත්වයක් මෙම සම්මාන පිදිල්ලේ අනිවාර්යෙන්ම පවතී. හැට පැන්න කලාකරුවාට ඒවා හොද දඩුවම්ය.ඒවාත් විද දරා ඉතා සුදුසු කලාකරුවෙක් ඉල්ලුම් පත්‍රයක් දැමුවත් අර තේරීම් මණ්ඩල වල සිටින ඇතැම් ...........ගේ  කුහක කම් වලටද මුහුන පාන්නට සිදුවීමද මහත් ඛේදවාචකයකි.    දැන්වත් මේ තත්වය වෙනස් කොට නියම කලාකරුවනට නියම“ කලා භූෂණ“  සම්මානයෙන් ගෞරව කරන්නට සම්මාන දෙන්නෝ හිතට ගත යුතුය.

No comments:

Post a Comment