Thursday, March 14, 2013

අධිරාජ්යි වාදීන්ගේ සුබ සාධක වෙස්මුහුණ සදය සිනාවෙන් හෙළි කරන තුටු සිතින් රස විදිය හැකි .“ තටු “

පසුගිය ඉරිදා (මාර්තු 10 වැනිදා ) අපි තටු නාට්‍ය රැගෙන අලව්ව ප්‍රදේශයට ගියේ එම ප්‍රදේශයේ ඇගලුම් කර්මාන්ත ශාලාවක් වන(TAILORS STORE INTERNATIONAL(PVT) LTD                                     හිමි එහි කළමණාකාර අධ්‍යක්ෂ නලින් පතිරණ ඉංජිනේරු මහතා ගේ සහ සෙසු මිත්‍ර මහත්වරුන් ගේ හා නෝනා වරුන්ගේ ආරාධනයෙන්.
ජයසේකර අපෝන්සු, අවන්ති අපෝන්සු, නිමල් යටිවැල්ල ,නිල්මිණි බුවනෙක ඇතුළු ප්‍රවීණ නළු නිළි කණ්ඩායම එහි ගිය එම අවස්ථාවේ නාට්‍ය සංවිධායක පිරිස අපව ඉතා සාදරයෙන් පිළිගත්තා. නාට්‍ය පෙන්වූයේ කර්මාන්ත ශාලාවේම වේදිකාවේ. ප.ව. 2.30  හා 6.30 දර්ශණ දෙකට බොහෝ පිරිසක් ප්‍රෙක්ෂකයින් වශයෙන් සහභාගි වී ඉතා සතුටින් සිනාසෙමින් නාට්‍ය රස විදින අයුරු දකින්නට ලැබුණා.
නාට්‍ය පෙන්වන අවස්ථාවේ දීත් එය අවසන්වී අප ආපසු පැමිණෙන්නට බස් රථයට නගින තුරුත් අපට බොහෝ ඉහළින් සංග්‍රහ කළ සංවිධායක පිරිස බෙහෙවින්අගය කළේ නාට්‍යයෙන් විහිදෙන වටිනා යථාර්ථය හා ඉතා ඉහළින් ඉන් ලැබෙන වටිනා රසාස්වාදය හා මුසුවූ සරල විනෝදාස්වාදය පිළිබදවයි. තරුණ හා කුඩා ළමුන් ඉතා ඉහළ විනෝද රසාස්වාදයක් වින්ද බව ඔවුන්ගේ කථාබහෙන් හා හැසිරීමෙන්  පැහැදිළිව දකින්නට තිබුණා.
ජයසේකර අපෝන්සු ඉංග්‍රිසි පැළැන්තියේ  නිවාස පාලිකාව ලෙස රගන ස්ත්‍රී භූමිකාව ගැන ප්‍රේක්ෂක සමූහයාගේ ඉහළම ප්‍රතිචාරයමෙහිදී ද සුපුරුදු ලෙසම දකින්නට ලැබුණ අතර හමුවට පැමිණ කථා කළ අයද තම සතුට හා විශ්මය පළ කරනුද දකින්නට ලැබුණා.සෙසු රගපෑම්ද ප්‍රෙක්ෂක සිත්සතන් පැහැර ගත් බව නාට්‍ය අවසානයේ පැවැති ආචාරයේදී ( Curtain call )  හිදී නැගුණු ප්‍රේක්ෂක අත්පොළසන් නාදයේ තීව්‍ර බවින්ම පැහැදිළි වූවා.
අවුරුදු 35 ක් පුරා අඛන්ඪව නැවත නැවත ප්‍රේක්ෂක ඉල්ලීම මත ලක්ෂ ගණනක ජනතාවක් රසවත් කළ තටු නාට්‍ය අදටත් පෙර ලෙසම ජීවමානව පවතිත්තේ එහි ඇති සරල විනෝදාස්වාදය හා හරබර වින්දන ගුණය නිසා බව බොහෝ දෙනාගේ අදහසයි.
නාට්‍ය දර්ශණය අවසානයේ පැවැති කාලීන සාකච්චා වේදි තම අදහස් දැක්වූ ප්‍රවීණ නාට්‍යවේදි පාලිත ලොකු පෝතාගම කිව්වේ කාලයක් යන තුරු නිතර නිතර ප්‍රේක්ෂකයා හමුවට පැමිණීමට වේදිකා නාට්‍යකට වාසනාව ලැබෙන්නේ එම නාට්‍යයට පාදක කර ගන්නා නාට්‍ය රචනයේ උසස් බවත්, අති දක්ෂ ආකර්ශණීය රගපෑම් වල මහිමයත්, අධ්‍යක්ෂණයේ ප්‍රසස්ථ බවත්,සකලාංගයෙන් පරිපූර්ණ නිෂ්පාදන කෞශල්‍යයත් යන කරුණුවල ප්‍රාතිහාර්යයෙන් බවත්ය,
තවත් බොහෝ කලක් යන.තුරු තටු නාට්‍ය නවතාවයෙන් නැරඹිය හැකි නාට්‍යයක් වීම නියත බව බොහො දෙනාගේ අදහසයි, වරක් නොව හත් අට වරක් විවධ රංග ශාලාවලදී තටු නැරඹූ රසිකයින් නිතර තටු රග දැක්වෙන විට නැවත නැවත රැස්වන බව පැහැදිළිව ඇති කරුණක්.තමන් තරැණ කාලයේ නරඹා රස වින්ද මෙම නාට්‍ය බලන්න අද ඒ අය එන්නේ , වැඩිහිටි දෙමව්පියන්වී තම දරැවනුත්  කැටුවයි. ඒ තම දරුවන්ටත් එම නාට්‍ය පෙන්වීමේ දැඩි උවමනාවෙන්
සුදු අධිරාජ්‍ය වාදීන් නිසා අනාථ තත්වයට පත්වූ අනාථ දැරියන් රැසකට එහි පාලිකාව සුබසාධනයේ මුවාවෙන් කරන රැවටිල්ල හදුනා ගන්න මේ අපුරැ නාට්‍ය මගින් ප්‍රේක්ෂකයාට අත්දැකීමක් ,ලැබෙන බව බොහෝ දෙනාගේ අදහසයි,හාස්‍යෙයන් නමුත් තටු නාට්‍ය ප්‍රේක්ෂකයාට පිරිනමන්නේ ආනන්දය හා ප්‍රඥාවයි.

2 comments:

  1. ඇෆ්ඝනිස්ථානයෙ, ඉරාකේ, සිරියාවෙ ලක්ෂ ගණනක් දරුවො මිනිස්සු මැරෙද්දි නිහඬව තත්ත්වය තවත් උග්‍ර කරන්න වැඩ කරපු, ඒ මරණ වලට එක්කෝ කෙලින්ම හරි එහෙම නැත්තම් මිනිස්සු ඇන කොටා ගන්න තත්ත්වයක් ඇති කිරීමට හරහා හරි ඊට වග කියන්න ඕන ඇමරිකාව සහ බටහිර යුරෝපයෙ බලවතුන් ප්‍රංශයේ 150ක් (ඒත් අහිංසක මිනිස්සු තමයි) මැරුවාම මහා කලබගෑනියක් කරනවා ත්‍රස්ත මර්ධනය ගැන සපත කර කර. සුද්දො නිසා අනාත වෙච්ච ළමයි වගේ තමයි අද ලෝකයේ දුප්පත් රටවල් සේරම.
    එහෙම තියෙද්දි, ලංකාවෙ ත්‍රස්තයො ඉවර කරපු එකේ වාඩුව ගන්න "මිනිස්සු අනාත කරන සංගමේ ලොක්කො" ජිනීවා යෝජනා හරහා මේ රටේ නඩු අහන්න එන්න යනකොට, අපේ රටේ වර්තමාන එලිසබත් බැචුලර් මේරිලා ඒ යෝජනාවට සම අනුග්‍රහය දක්වලා මෙහෙ දේශපාලක අනාත දරුවන්ව ඒකට එකඟ කරගන්න ඇමතිකම් වරදාන දීලා ඔවුන්ට "අපි කිරිල්ලියො සලන තටු නිබඳේ... ඔබ සැම සාදරයෙන් ගෞරවයෙන් පිළිගනිමු" කියන්න කියලා දෙනවා.
    තටු එදාටත් වඩා අද රටට විතරක් නෙවෙයි ලෝකෙටම හිතන්න බල කරන යථාර්තය මේකයි.

    ReplyDelete
  2. ඇෆ්ඝනිස්ථානයෙ, ඉරාකේ, සිරියාවෙ ලක්ෂ ගණනක් දරුවො මිනිස්සු මැරෙද්දි නිහඬව තත්ත්වය තවත් උග්‍ර කරන්න වැඩ කරපු, ඒ මරණ වලට එක්කෝ කෙලින්ම හරි එහෙම නැත්තම් මිනිස්සු ඇන කොටා ගන්න තත්ත්වයක් ඇති කිරීමට හරහා හරි ඊට වග කියන්න ඕන ඇමරිකාව සහ බටහිර යුරෝපයෙ බලවතුන් ප්‍රංශයේ 150ක් (ඒත් අහිංසක මිනිස්සු තමයි) මැරුවාම මහා කලබගෑනියක් කරනවා ත්‍රස්ත මර්ධනය ගැන සපත කර කර. සුද්දො නිසා අනාත වෙච්ච ළමයි වගේ තමයි අද ලෝකයේ දුප්පත් රටවල් සේරම.
    එහෙම තියෙද්දි, ලංකාවෙ ත්‍රස්තයො ඉවර කරපු එකේ වාඩුව ගන්න "මිනිස්සු අනාත කරන සංගමේ ලොක්කො" ජිනීවා යෝජනා හරහා මේ රටේ නඩු අහන්න එන්න යනකොට, අපේ රටේ වර්තමාන එලිසබත් බැචුලර් මේරිලා ඒ යෝජනාවට සම අනුග්‍රහය දක්වලා මෙහෙ දේශපාලක අනාත දරුවන්ව ඒකට එකඟ කරගන්න ඇමතිකම් වරදාන දීලා ඔවුන්ට "අපි කිරිල්ලියො සලන තටු නිබඳේ... ඔබ සැම සාදරයෙන් ගෞරවයෙන් පිළිගනිමු" කියන්න කියලා දෙනවා.
    තටු එදාටත් වඩා අද රටට විතරක් නෙවෙයි ලෝකෙටම හිතන්න බල කරන යථාර්තය මේකයි.

    ReplyDelete