Saturday, June 22, 2013

මිනිසුන් මෙලෙස කැදවන්නේ ලෝක විනාශය ද?



හිරෝෂිමාවේ  හෙලූ පරමාණුවේ
දුක් අදෝනා තව ඇසේ  -ඒ අතීතය දිසේ
නවත්වනු මැන මිනිසුනේ-වියරු රණ ගෝෂා
කෝප ගිනි දැල් නිවා දා -රුදුරු ගිනි අවි බිම හෙලා
බලනු මැන මිනිසුනේ
මිනිස් වග දුක් වේදනා.....
රුදුරු අවි ගැටුණු තැන -ලේ මස් සුවද පහ නොවේ
සා ගින්න පිපාසය - පෙළයි අසරණ මිනිසාව
තවත් මිනිසෙක් මිනිසකු ට-තර්ජනය කරයි අවියෙන්
අහෝ මිනිසත් බව!!
ක්‍රෝධයෙන් දැල්  වුණ- මහා ගිනි ජාලා නිවා
පැමිණෙන්න පැමිණෙන්න-විනාශය අත ලගය
මනුසත් බව නුඹ කොයි ද?
මනු ලොවෙන් චුතව -පර සක්වලක සැගවිණි ද?
එතනෙහිද නොසිට -අලු ධූලි වී  වායු වී
මේ මහා සක් වලින් -සදා අතුරුදන් වීද?
අහෝ! මනුසත් බව,-මුර ගගා සොයමි
නුඹ කොයිද? නුඹ කොයිද? නුඹ කොයිද?....



1 comment:

  1. මිනිසත්කම (නො ) දන්නා මිනිසුන්ව බලන්න වෙලා තියෙන වෙලාවක අපේ පැත්තෙත් ඇවිත් යන්න
    http://onemalaysiasinhala.blogspot.com

    ReplyDelete