Wednesday, January 29, 2014

අපේ නළු නිළියන් දේශපාලනයට එන එක හොද නැද්ද?



පත්තරයක් බලමින් සිටි තරුණ පුතා සිය පියාගෙන් ඇසුවේය.
නළු නිළියන් පළමුව හොදට රගපාන්නයි ඕන..ඔවුන් හොදට රගපානවද? පියා ඇසීය.  නැහැ තාත්තේ, ඔවුන් වැඩි දෙනා රග පාන්න තියා හැරෙන්නවත් දන්නේ නැහැ..නිකම් කැමරා ඉස්සරහ පෙනී ඉන්න විතරයි දන්නේ...තරුණ පුතා කීවේය.......පුතා කොහොමද දන්නේ ඔවුන් හොදින් රගපානවද නැද්ද කියලා..?......පියා යළිත් ඇසුවේය..
අයියෝ අපි දන්නවා,....අපි ලෝකයේ තියෙන හොදම චිත්‍රපටිත් බලනවා.,ජරාම චිත්‍රපටිත් බලනවා...ඒ  ජරාම චිත්‍රපට වලත් නළු නිළියන්ගේ රගපෑම් තියෙනවා තාත්තේ,..
එහෙමද?.......
ඔව්!..කොටින්ම බලන්නකො බාල හින්දි පික්චර් ..බලන්නකො දෙමළ පික්චර්....අඩු ගානේ ඒවායේවත් නළු නිළියන් වගේ හැරෙන්නවත් අපේ වැඩි දෙනාට බැහැ......ඇයි ඒ?...ඔවුන් ඒ ක්ෂේත්‍රය ගැන හරිම නූගත් !..තමන් කරන වැදගත් වැඩේ දිග පළල,හය හතර මොකුත්ම දන්නේ නැහැ.. ...ඒක වස වැරද්දක් නෙ....තමන් කරන රැකියාවටවත් අදාළ මොනම දෙයක්වත් දන්නේ නැතුව දගලන ඔය කට්ටියව දේශපාලනේට ගේන්න හදන්නේ කවුද?.....චන්ද දායකයෝ අමු මෝඩයන් හැටියට සළකන උදවිය තමයි එහෙම කරන්නේ.!....එතකොට පුතා අපේ නළු නිළියන්ට දේශපාලනේට එන්නම බැරිද?....පුලුවන්..!.උගත් බුද්ධිමත් නළු නිළියන් කිහිප දෙනෙක් අපටත් ඉන්නවා..ඔවුන් ගැනත් අපි දන්නවා..හැබැයි ඔවුන් දේශපාලනේට ආවෙත් මතුවට එන්නෙත් ,..කකුල් පෙන්නලා, උකුල ගස්සලා,පපුව නටවලා,ඇහැ නටවලා නෙමෙයි..තර්ක ඥානය,වාග් චාතූර්යය,වැඩ කිරීමේ දක්ෂතාව,රට දැය ගැන පරිණත දැනුම ,අත් දැකීම් සහ ජනප්‍රිය භාවය හොදටම ඒත්තු ගන්නවලා යි..ඒ වගේ නළු නිළියන් දේශපාලනයට වාසනාව ගෙන එනවා....
හරි හරි මට තේරුණා,.........ඉතින් පුතේ,මට මේ ගැන කියන්න තියෙන්නේ ,“හානා හීය පානා අඩ හැරෙන් පෙනේ කියලා තමයි  ..හහ්!.හහ්!..හා!

No comments:

Post a Comment