Wednesday, February 19, 2014

අපේ රටේ සිනමාවට අධිවේගී මාර්ගයක් !



සිනමාවට ආදරය කරන කාගේත් සිත් සනසමින් අප සැමගේ ඉල්ලීම් සළකා ඩිජිටල් ප්‍රක්ෂේපණ ක්‍රමයට අපගේ සිනමාව අවතීර්ණ කරවීමට  අවසරය හා අනුමැතිය ලබා දී ඇත.
දැන් ඉතින් බලා සිටිය යුතු නැත.හැකි ඉක්මනින් තම තම සිනමා ශාලා ඩිජිටල් ප්‍රක්ෂේපණ ක්‍රමයට පරිවර්තනය කර ගැනීමට සිනමා ශාලා හිමියෝ උත්සුක විය යුත්තාහ.මේ සදහා චිත්‍රපට සංස්ථාව,රජය, පෞද්ගලික අංශය,හා බැංකු වඩාත් උනන්දුවෙන් ක්‍රියා කළ යුතු වන්නේය.
අපගේ නව පරපුරට සිනමාවට අර්ථවත්ව පිවිසීමේ නව පහසුකම් සහිත දොරටුවක් ලෙස ඩිජිටල් ප්‍රක්ෂේපණ ක්‍රමය බොහෝ වැඩදායක වන බව නියතය.යල් පැන යමින් තිබෙන පටල පට රූ ගැන්වීමේ ක්‍රමය හා ප්‍රක්ෂේපණ ක්‍රමයට ආයුබෝවන් කියා වඩාත් පහසු ඉක්මන් නව ක්‍රමය වැළද ගැනීම අපගේ සිනමාව ලෝක සිනමාව හා සාර්ථක ලෙස එක් වීමට ඇරෙන පහසුකම් සහිත දොරටුවක් බව ඉදුරා කිව හැකිය. මේ ගැන අපි බෙහෙවින් සතුටු වෙමු.
නව තාක්ෂණයේ මෙම පිටුව අභියෝගයක් ලෙස සළකා නො බියව , නොඅලසව ක්‍රියාකාරිවන තැනැත්තන් අපගේ සිනමාව අරභයා නූතන යුගයේ පුරෝගාමීන් වනු ඇත. ජයවේවා !

Monday, February 17, 2014

මෙවර රාජ්‍ය නාට්‍ය උළෙල අපූරුයි !



උත්තරීතර අංගාරා ගග ගලා බසී
ආදර වස්තුව ඉඩමේදී විකිණේ
ට්‍රේන් ඩ්‍රයිවර් බ්ලැකවුට්
චේ ගුවේරා මකරට
රාවණා ආදරයේ හුස්ම ළග විසේකාරියෝ
සෙල්ලම් නිරිදු රගපෑම් ඉවරයි.....

Tuesday, February 4, 2014

සිංහයා කතා කරයි...



මගේ ප්‍රිය මිතුරනි,
අද නිදහස් දිනයේත්-------නිදහස් සුළගින්------නිදහසේ ලෙලදෙමි----නිදහස් රටේ නිදහස් අහසේ....
සිංහයා මමවෙමි.(යුක්තියට හිස නමන --බලහත්කාරයට එරෙහිව අසිපත ලෙලදවන---නිරහංකාර නිර්භය---ගුණ ගරුක )
සිංහයා මම වෙමි.
අසන්න ජාතියේ මහා ධජයේ--සිංහයා කවුරුදැයි---
රට දැයට හිතවත්--සමගියෙන් එක්ව ශක්තියෙන් බැදි--
රටේ පුරවැසි සියලු දනන් වූ 
නුඹයි අභිමාන වූ සිංහයා...නුඹයි අභිමාන වූ සිංහයා..නුඹයි අභිමාන වූ සිංහයා.
රාජ්‍යයයි අභිමාන වූ සිංහයා..රාජ්‍යයයි අභිමාන වූ සිංහයා.රාජ්‍යයයි අභිමාන වූ සිංහයා.

Wednesday, January 29, 2014

අපේ නළු නිළියන් දේශපාලනයට එන එක හොද නැද්ද?



පත්තරයක් බලමින් සිටි තරුණ පුතා සිය පියාගෙන් ඇසුවේය.
නළු නිළියන් පළමුව හොදට රගපාන්නයි ඕන..ඔවුන් හොදට රගපානවද? පියා ඇසීය.  නැහැ තාත්තේ, ඔවුන් වැඩි දෙනා රග පාන්න තියා හැරෙන්නවත් දන්නේ නැහැ..නිකම් කැමරා ඉස්සරහ පෙනී ඉන්න විතරයි දන්නේ...තරුණ පුතා කීවේය.......පුතා කොහොමද දන්නේ ඔවුන් හොදින් රගපානවද නැද්ද කියලා..?......පියා යළිත් ඇසුවේය..
අයියෝ අපි දන්නවා,....අපි ලෝකයේ තියෙන හොදම චිත්‍රපටිත් බලනවා.,ජරාම චිත්‍රපටිත් බලනවා...ඒ  ජරාම චිත්‍රපට වලත් නළු නිළියන්ගේ රගපෑම් තියෙනවා තාත්තේ,..
එහෙමද?.......
ඔව්!..කොටින්ම බලන්නකො බාල හින්දි පික්චර් ..බලන්නකො දෙමළ පික්චර්....අඩු ගානේ ඒවායේවත් නළු නිළියන් වගේ හැරෙන්නවත් අපේ වැඩි දෙනාට බැහැ......ඇයි ඒ?...ඔවුන් ඒ ක්ෂේත්‍රය ගැන හරිම නූගත් !..තමන් කරන වැදගත් වැඩේ දිග පළල,හය හතර මොකුත්ම දන්නේ නැහැ.. ...ඒක වස වැරද්දක් නෙ....තමන් කරන රැකියාවටවත් අදාළ මොනම දෙයක්වත් දන්නේ නැතුව දගලන ඔය කට්ටියව දේශපාලනේට ගේන්න හදන්නේ කවුද?.....චන්ද දායකයෝ අමු මෝඩයන් හැටියට සළකන උදවිය තමයි එහෙම කරන්නේ.!....එතකොට පුතා අපේ නළු නිළියන්ට දේශපාලනේට එන්නම බැරිද?....පුලුවන්..!.උගත් බුද්ධිමත් නළු නිළියන් කිහිප දෙනෙක් අපටත් ඉන්නවා..ඔවුන් ගැනත් අපි දන්නවා..හැබැයි ඔවුන් දේශපාලනේට ආවෙත් මතුවට එන්නෙත් ,..කකුල් පෙන්නලා, උකුල ගස්සලා,පපුව නටවලා,ඇහැ නටවලා නෙමෙයි..තර්ක ඥානය,වාග් චාතූර්යය,වැඩ කිරීමේ දක්ෂතාව,රට දැය ගැන පරිණත දැනුම ,අත් දැකීම් සහ ජනප්‍රිය භාවය හොදටම ඒත්තු ගන්නවලා යි..ඒ වගේ නළු නිළියන් දේශපාලනයට වාසනාව ගෙන එනවා....
හරි හරි මට තේරුණා,.........ඉතින් පුතේ,මට මේ ගැන කියන්න තියෙන්නේ ,“හානා හීය පානා අඩ හැරෙන් පෙනේ කියලා තමයි  ..හහ්!.හහ්!..හා!

Monday, January 13, 2014

අපරාධය හා එහි නියත පල විපාකය ගැන කියන ජයනාත් ගුණවර්ධන ගේ “පරාවර්ථන“



“අපරාධයක් කළහොත් එහි පල විපාකය අනිවාර්යයෙන්ම විදින්නට සිදුවෙයි“යන අදහස තහවුරු කිරීමේ සත් අදහසින් කරන ලද සිනමා ප්‍රයත්නයක් වන “පරාවර්ථන “දක්ෂ සිනමා කැමරා අධ්‍යක්ෂ ජයනාත් ගේ කුළුදුල් සිනමා අධ්‍යක්ෂණයයි.
ඉහත සදහන් අදහස සිනමා මාධ්‍ය ‍යෙන් පොදු ප්‍රේක්ෂකයා වෙත ධ්වනය කිරීමට යහපත් යැයි අධ්‍යක්ෂ වරයා තෝරා ගෙන ඇති කතා පුවත, ප්‍රබල අතාර්කික ගතියකින් යුක්ත වීම හේතුවෙන් දැනුවත් ප්‍රේක්ෂකයා කතා පුවත හා එකග වීම ප්‍රතික්ෂේප කරන්නට බෙහෙවින් ඉඩ හසර ඇති බව පැහැදිළිය.
කතාවේ එන ප්‍රබලම චරිතය වන පියදාස( සොමී රත්නායක) සිර ගෙට යන්නේ තමා නොකළ වරදකටය.එහිදී ඔහු වෙඩි තබා පුද්ගලයකු ඝාතනය කළ බවට කිසිදු සාක්ෂියක් නීතිය හමුවට පමුණුවන බවක් නො පෙනේ. තම ගෙ පැලෙහි මිදුලට වී තමා සන්තක තුවක්කුව පිස දමමින් හා එය සූදානම් කරමින් සිටීම ගැන ගමේ මිනිසකු සාක්ෂියක් කිවූ නමුත් පියදාස නියත වශයෙන්ම අපරාධය කළ බවට එය නිසැක සාක්ෂියක් නොවේ.පියදාසගේ තුවක්කුව වෙන කිසිවකු විසින් සොරා ගෙන මේ වෙඩි තැබීම කළාදැයි යන සැකය බිද හෙළිමට තරම් මෙහිදී ප්‍රබල සාක්කියක් නැත. එසේ නම් සැකයේ වාසිය මත පියදාස නිවැරදි කරු වන බව ඇත්තකි. මේ අනුව කතා කරුවා කෘතියෙන් කියන්නට හැදුව වටිනා අදහස දියාරු වෙයි. නමුත් ඔහු විසින් අතීත දිනෙක කරන ලද දරුණු අපරාධයවූ
ගැබිනි කාන්තාව හා ඇයගේ සැමියා වෙඩි තබා මරා දැමීම නීතියට හසු වීමට ඕනෑ තරම් ඉඩ තිබුණේ එය ඇසින් දුටු වකුද සිටි බැවිනි. එහෙත් එම අපරාධය නීතියට හසු නොවන අතර අපරාධකරු වන පියදාස පදිංචිය වෙනස් කොට යහපත් මිනිසකු වශයෙන් සමාජයක ජීවත් වෙයි.
කතාව හා තිර නාටකයේ තවත් දුබලතා ජයනාත් ගේ ප්‍රථම සිනමා ප්‍රයත්නයේ වටිනා කම අඩු කිරීමට බෙහෙවින් ඉවහල් වී ඇති බව පවසන්නේ කනගාටුවෙනි.ජයනාත් ගේ රූපමය ප්‍රකාශනයට ඇති ඉඩ හසරට පවා බාධා කරමින්
තොරතෝන්චියක් නැතිව ඇසෙන දෙබස් (සංවාද) බහුල වීම හා ඒවා භාවමය ගුණයෙන් තොර වීම නිසා චිත්‍රපටයේ ප්‍රථම භාගය ටෙලි නාට්‍යයකට සමාන වන බවක් ප්‍රේක්ෂකයිනට දැනෙනු ඇත.එසේ වුවද  චිත්‍රපටයෙහි අවසාන භාගයෙහි පියදාසගේ චරිතයේ සැගවුණු තැන් අනාවරණය වීම හා බාල සොහොයුරා විසින් තම වැඩිමලා වෙඩි තබා මැරීම යන සිනමා නාටකීය අවස්ථාවලින් පසු ප්‍රබල රිද්මයක පිහිටා ප්‍රේක්ෂකයා දැඩිව ග්‍රහණය කර ගනිමින් ගලා යෑමට සමත් වෙයි.මේ නිසා සිනමා කෘතිය අවසානය දකින්නේ ප්‍රේක්ෂකයා තුළ තමන් සාර්ථක නිර්මාණයක් දැකීමේ අත්දැකීම හා තෘප්තිය ලැබුවාය යන ආනන්දය සාක්ෂාත් කරමිනි.
සොමී රත්නායක (පියදාස)ස්වකීය භූමිකාවෙහි ගුණ රුව සැබැවින්ම විශිෂ්ට නිපුණත්වයකින් විදහා පෑමට සමත්ව සිටී.චරිතයෙහි බාහිර ස්වභාවය හා ගුප්තවූ සැගවුණු අභ්‍යන්තරය යන දෙබිඩි ගති සොබාව හා එයට අයත් භාවයන් සූක්ෂමතා ගුණය නො පිරිහෙලා මැනවින් රූපණය කරන අයුරු අති ප්‍රශස්ථය.මෙය කුසලතා පූර්ණ මනා අභ්‍යාසයෙන් ශික්ෂණය ලද රූපණ ශිල්පියකුට මනා ලෙස සරිලන භූමිකාවකි.
දුලානී අනුරාධා ගැනද විශේෂයෙන් සදහන් කළ යුතුය.ස්වභාවයෙන් ඇය සතු අනුරාගික පෙනුම සහිත රූ සපුව ඇය රගන භූමිකාවට බෙහෙවින්ම ගැලපෙයි.එලෙසින්ම සියුම් ඉගි බිගි හාව භාව ලීලාවන් මගින් සිය සිත් අභ්‍යන්තරය විදහා පෑමේ මනා කෞශල්‍යයකින් හෙබි බව ඇගේ රූපණයෙහි ඇති විශේෂතාවකි. මෙය පොදු ප්‍රේක්ෂකයා සිනමා හලට ආකර්ශනය කර ගැනීමේ පොහොසත් බවින් ඇය අනූණ බව පැහැදිළි කරයි.
සෙසු නලු නිලි යන්ද තිරනාටකයේ තරමට සිය චරිතයන් රෑපණය කිරීමට උත්සාහ ගත්තද චරිතයන්ගේ භාවමය අවස්ථාවන් තර්කානුකූල ගොඩ නැගීමකට තිරනාටකය අසමත්ව ඇති බැවින් සාර්ථක රංගනයන් නිර්මාණය කර ගැනීමට එම රංග ශිල්පීහූ අසමත් වෙති. දක්ෂ චරිතාංග නලුවකුවූ බිමල් ජයකොඩි ට රග පාන්නට තරම් දෙයක් පරාවර්ථන තුළ නැති තරම්ය.ඉදිරි නිර්මාණයකදී සැළකිලිමත් වුවහොත් ඉතා හොද සිනමා කෘතියක් නිර්මාණය

Sunday, December 1, 2013

Nanditha Nimeshaya (නන්දිත නිමේෂය)





http://youtu.be/8P8elJJNItg

   “ටෙලි නිර්මාණ වේදීන්ගේ සංසදය සංවිධානය කළ  සමීප රූප  තිස්ස අබේසේකර
                 අභිනන්දන උළෙලට සමගාමිව පැවැත්වූ කෙටි චිත්‍රපට තරගයෙන් ඇගයීමකට ලක්වූ නන්දිත නිමේෂය  කෙටි චිත්‍රපටයයි මේ.  අපගේ මෙම ප්‍රයත්නය ආචාර්ය තිස්ස අබේසේකර සූරීනට උපහාරයක් වේවා!  උත්කර්ෂවත් අභිනන්දන උළෙලක් සාර්ථකව පැවැත්වීම ගැන ටෙලි නිර්මාණ වේදීන්ගේ සංසදයට අපගේ ස්තුතිය හා ප්‍රසංසාව හිමිවිය යුතුය.      මනැසින් යොවුන් බව අත්හැර යා නොහැකිව අතරමං වූ මිනිසකුගේ මනෝභාවය මෙයින් නිරූපණය වේ.